(යොහාන් භාසුර)

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ඇතුළු කීපදෙනෙකුට පොලිසියට පැමිණෙන ලෙස කළ ඇති දැනුම් දීමකට අනුව පොලිසියට පිටත්ව යන බවත් වර්ජනය සම්බන්ධ ඉදිරි ක්‍රියාමාර්ග පසුව දැනුම් දෙන බවත් දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා  කීය.

එම සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් සතුටුදායක පිළිතුරක් නොලැබීම හේතුවෙන් සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් මේ මොහොතේ සිට රාජකාරිවලින් ඉවත් වන බව ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ මහතා වැඩිදුරටත් කීය.