
(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ මැතිසබෙ විවාදයේදී දේශපාලන පක්ෂ තුනක් එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට දැනටමත් තීරණය කර ඇත.
ජාතික ජන බලවේගය, සමගි ජන බලවේගය සහ දෙමළ ජාතික සන්ධානය යෝජනාව ට පක්ෂව ඡන්දය පාවිච්චි කිරීම තීරණය කර ඇති දේශපාලන පක්ෂවේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත අතර නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තවමත් ඒ සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැත.
මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පැවසුවේ පක්ෂය ඉදිරි දිනවල රැස්වී ඒ පිළිබඳව තීරණයක් ගන්නා බවයි.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ මඩකළපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති තනතුරට පත් කිරීමට මුල සිට විරුද්ධව සිටි පක්ෂයක් ලෙස මෙම යෝජනාවට සහාය දෙන බවයි.
ඔහුගේ පත්වීමටත් අරගලයට එල්ල කර ප්‍රහාරයටත් තම පක්ෂය මුල සිටම දැඩි ලෙස විරුද්ධවූ බව පැවසූ රාසමාණික්කම් මහතා ඒ සියලු කරුණු සැලකිල්ලට ගෙන මෙම යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවද සඳහන් කළේය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයෙන් නෙරපීමේ යෝජනාව පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී ලබන 5 වැනිදා පැවැත්වේ. එම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට දැනටමත් ඇතුළත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොහොට්ටු කාරයෝ දැන් ගලේ පහරපු බළළා වගේ…අස් කරන්න පක්ෂ වුනොත් දේශබන්දු කට අරියි කියලා බයයි. විපක්ෂ වුනොත් රෙදි ඉල්ලේ…
ගහලා පැන්නිය යුතුයි
පොලිස් කියන වචනයේ තේරුමවත් නොදන්න ,කරපු තරමක් ජඩ වැඩ කෙරුවේ?
කවුරු පක්ෂ වුණත්, නූනත් දේශබන්දු වහ වහා පැන්නිය යුතුයි. ඒ විතරක් නොවෙයි, ඔහුට විරුද්ධව තියෙන සියලුම චෝදනා විභාගකර සුදුසු දඬුවම් ලබාදිය යුතුයි...