(සුජිත් හේවාජුලිගේ)
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීම සඳහාවූ යෝජනාව පාර්ලිමේන්තුවට ලබන 8 වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ අනුව එම යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමක්ද එදින පැවැත්වෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව ඇතුළත් අලුත්ම න්‍යාය පුස්තකය නිකුත් වීමෙන් පසු එය පාර්ලිමේන්තුවේ නිල වෙබ් අඩවියටද ඇතුළත් කරනු ලැබ ඇත.
එම කමිටුව චෝදනා විමර්ශන කිරීමෙන් අනතුරුව දේශබන්දු තෙන්නකෝන් මහතා නෙරපීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇත.
පොලිස්පති දේශපන්දු තෙන්නකෝන් මහතා නෙරපීමේ යෝජනාව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 115 දෙනෙකුගේ අත්සනින් යුතුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පසුගියදාභාර දෙනු ලැබීය.
විසමාචාර සහ දූෂණ ධූරයේ බලතල අනිසිලිස පාවිච්චි කිරීම රාජකාරිය පැහැර හැරීම සහ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම යන චෝදනා හතර පදනම් කරගෙන මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනටමත් වැරදිකාරයෙක් වෙලා දඩගහපු කෙනෙක්, විවිධ ආලේප ගල්වන්නෙක්, අරගල කරුවන්ට පහරදෙන්නෙක්, අරගල කරුවන්ගෙන් ගුටිකන්නෙක්, හොර ස්කාගාර හිමියෙක්, ඔය ඇතිද?