
(අංජුල මහික වීරරත්න)
පාසල් දරුවන් හා තරුණයින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වලක්වා ගැනීමටත්, ඇබ්බැහි වූවන් ඉන් මුදවා ගැනීමටත් රජයක් ලෙස අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.
ක්‍රීඩා අමත්‍යංශය යටතේ ඇති තහනම් උත්තේජක මර්දන නියෝජිතායතනය විසින් සංවිධානය කළ පාසල් චිත්‍ර තරගාවලියේ ත්‍යාග හා සහතික පත්‍ර ලබා දීමේ අවස්ථාවට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
"සැබෑ විජයග්‍රහණයක් සඳහා පිරිසිදු ක්‍රීඩාවක්" යන තේමාව ඔස්සේ මෙම තරගාවලිය පවත්වා තිබුණි. දිවයිනේ සියලුම පාසල් ආවරණය වන පරිදි, වයස් කාණ්ඩ දෙකක් ඔස්සේ මෙම තරගාවලිය පැවැත්විණි. ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතා ද මීට සහභාගී විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ, හැමතැනම හොර අරක්කු, කුඩු, ගංජා විකුණන තැන්. කියවන්නේ නැතිව පොලිසියට දෙන්නකෝ මාස 6ක් ඇතුළත ඒවා ඔක්කොම ඉවර කරන්න. පොලිසිය නොකරොත් සුදුසු ක්‍රියාමාර්ග ගන්නකෝ...!
ඇයි අර ටියුෂන් දෙන හාදයා පෝය දෙකෙන් ඉවර කරානේ? දන්නේ නැද්ද?