IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


දුම්රිය මහා අනතුරක් අනූ නවයෙන් බේරෙයි

(ප්‍රසාද් රුක්මල් )

උඩරට දුම්රිය මාර්ගයේ පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර  යකඩ පීල්ලක් දෙකට කැඩී යාමෙන් එම අවස්ථාවේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1001 දුන්හිඳ ඔඩිසි දුම්රිය නවතා ගනිමින් සිදු වීමට ගිය විශාල දුම්රිය අනතුරක් රාජකාරියේ නිරතව සිටි දුම්රිය සංචාරක මුරකරුවකු  වහා ක්‍රියාත්මක වී වළකා ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .

වැලිමඩ දිවිතොටවල ප්‍රදේශයේ පදිංචි දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග අංශයේ දුම්රිය සංචාරක මුරකරුවකු ලෙස සේවය කරන දිනේෂ් කුමාර (30) නැමති තරුණ දුම්රිය සේවකයා මෙම ආදර්ශවත්  ක්‍රියාව සිදු කර ඇත.

මොහු පැරකුම්පුර සිට අබේවෙල දක්වා සංචාරක මුරකරුවකු ලෙස දුම්රිය මාර්ග රාජකාරියේ නිරතව සිටියදී දුම්රිය මාර්ගයේ අංක 33/40 ආසන්නයේදී බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1006 පොඩිමැනිකේ දුම්රිය පසුකර ගොස් ඇති අතර , මොහු ඉදිරියට පා ගමනින් ගමන් කරමින් සිටියදී ඒ අසල දුම්රිය මාර්ගයේ දුම්රිය යකඩ පීල්ලක් දෙකඩ වී තිබෙන අයුරු දැක.අදාළ දුම්රිය බලධාරීන් ට වහා දැනුම් දී තිබේ .

මේවනවිටත් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1001 දුන්හිඳ ඔඩිසි දුම්රිය පැරකුම්පුර දුම්රිය ස්ථානය පසුකර බදුල්ල බලා ගමන් කරමින් තිබූ අතර වහා රතු කොඩීයක් අතට ගත් දුම්රිය සංචාරක මුරකරු දිනේෂ් කුමාර දුම්රිය පැමිණෙන දෙසට ඉදිරියට ගොස් රතු කොඩිය වනා ධාවනය වෙමින් තිබූ දුන්හිඳ ඔඩිසි දුම්රිය නවතා ගනු ලැබූහ .මේවනවිටත් එම දුම්රියේ මැදිරි දෙස් විදෙස් සංචාරකයන්ගේ න් පිරීගොස් තිබින.



අදහස් (8)

දුම්රිය මහා අනතුරක් අනූ නවයෙන් බේරෙයි

සංජීව Sunday, 12 January 2025 04:51 PM

පතෝල කරල් වගේ මෙහෙමත් පීලි කැඩිලි යනවා දැක්කාමයි. මේ පීල්ල ඉන්දීය පරණ යකඩවලින් හදපු එකකද කියලා හොයලා බලලා ඒ වර්ගයේ අනෙක පීලිවල තත්වය හොයලා ⁣බැලුවොත් හොඳයි නේද?

:       6       65

මැක්ස් Sunday, 12 January 2025 05:51 PM

ඒ අභීත දුම්රිය සේවකයාට දිය හැකි ඉහළම මූල්‍ය ආධාරයක් දෙන්න. තාවකාලික පදනමෙන් සේවය කරන්නෙක් නම් වහා ස්ථිර කරන්න. ක්ලීන් ශ්‍රී ලංකා නාමයෙන් අහිංසක කොස් වෙළෙන්දන්ට බැට ආණ්ඩුවට කරනවා නම් ඔන්න වැඩ...!

:       4       60

ගුණරත්න Sunday, 12 January 2025 06:06 PM

රාජකාරිය හරි හැටි කළ සේවක මහතාට මගේ ස්තුතිය...!

:       0       69

Nimal Sunday, 12 January 2025 07:22 PM

දුම්රිය මහා අනතුරක් අනූ නවයෙන් බේරූ එම පුද්ගලයට "මුදල් ත්‍යාගයක්" ලබාදෙන්න. එවිට මේවැනි සිදුවීම් ඇස ගැටෙන්නා වූ රටේ සිවිල් පුරවැසියන්ට වුවද අවධානය යොමු කරනු ඇත...!

:       1       52

pjMonday, 13 January 2025 03:38 AM

රටට අවශ්‍ය මෙවැනි දේට මුදල් ත්‍යාග බලාපොරොත්තු නොවන හා ත්‍යාග ප්‍රශංසා බලාගෙනම කටයුතු නොකරන පරපුරක්.....

:       0       6

Lalla Monday, 13 January 2025 12:39 PM

ඔහු තම රාජකාරිය හරියට කල අයෙක්.මුදල් ත්‍යාගය වරදක් නෑ.වියයුතු පෞද්ගලික ලිපිගොනුවට සටහනක් සමග සේවයේ සාධාරණ උසස් වීමකට මග පෑම.

:       0       6

Chandima Monday, 13 January 2025 07:01 AM

එය ඔහුගේ රාජකාරියයි. එය නිසි ලෙස ඉටු කිරීම පැසසිය යුතුය. සමහරවිට අනිකුත් සේවකයින්ද එවැනි අවස්ථාවකට මුහුන දුන්නේනම් මේ දේම කරනු ඇත. මුලු දුම්රිය දෙපාර්ථමේන්තුවටම මගේ ප්‍රනාමය පුදකරමි.

:       0       9

Fashir Monday, 13 January 2025 11:24 AM

නියම වැඩක්. එයාට උසස්වීමක් ලැබිය යුතුයි

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 536 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 177 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 310 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 120 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 123 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 354 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1119 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site