
(ප්‍රසාද් රුක්මල් )
උඩරට දුම්රිය මාර්ගයේ පැරකුම්පුර අබේවෙල දුම්රිය ස්ථාන අතර යකඩ පීල්ලක් දෙකට කැඩී යාමෙන් එම අවස්ථාවේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1001 දුන්හිඳ ඔඩිසි දුම්රිය නවතා ගනිමින් සිදු වීමට ගිය විශාල දුම්රිය අනතුරක් රාජකාරියේ නිරතව සිටි දුම්රිය සංචාරක මුරකරුවකු වහා ක්‍රියාත්මක වී වළකා ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි .
වැලිමඩ දිවිතොටවල ප්‍රදේශයේ පදිංචි දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග අංශයේ දුම්රිය සංචාරක මුරකරුවකු ලෙස සේවය කරන දිනේෂ් කුමාර (30) නැමති තරුණ දුම්රිය සේවකයා මෙම ආදර්ශවත් ක්‍රියාව සිදු කර ඇත.
මොහු පැරකුම්පුර සිට අබේවෙල දක්වා සංචාරක මුරකරුවකු ලෙස දුම්රිය මාර්ග රාජකාරියේ නිරතව සිටියදී දුම්රිය මාර්ගයේ අංක 33/40 ආසන්නයේදී බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ අංක 1006 පොඩිමැනිකේ දුම්රිය පසුකර ගොස් ඇති අතර , මොහු ඉදිරියට පා ගමනින් ගමන් කරමින් සිටියදී ඒ අසල දුම්රිය මාර්ගයේ දුම්රිය යකඩ පීල්ලක් දෙකඩ වී තිබෙන අයුරු දැක.අදාළ දුම්රිය බලධාරීන් ට වහා දැනුම් දී තිබේ .
මේවනවිටත් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන අංක 1001 දුන්හිඳ ඔඩිසි දුම්රිය පැරකුම්පුර දුම්රිය ස්ථානය පසුකර බදුල්ල බලා ගමන් කරමින් තිබූ අතර වහා රතු කොඩීයක් අතට ගත් දුම්රිය සංචාරක මුරකරු දිනේෂ් කුමාර දුම්රිය පැමිණෙන දෙසට ඉදිරියට ගොස් රතු කොඩිය වනා ධාවනය වෙමින් තිබූ දුන්හිඳ ඔඩිසි දුම්රිය නවතා ගනු ලැබූහ .මේවනවිටත් එම දුම්රියේ මැදිරි දෙස් විදෙස් සංචාරකයන්ගේ න් පිරීගොස් තිබින.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පතෝල කරල් වගේ මෙහෙමත් පීලි කැඩිලි යනවා දැක්කාමයි. මේ පීල්ල ඉන්දීය පරණ යකඩවලින් හදපු එකකද කියලා හොයලා බලලා ඒ වර්ගයේ අනෙක පීලිවල තත්වය හොයලා බැලුවොත් හොඳයි නේද?
ඒ අභීත දුම්රිය සේවකයාට දිය හැකි ඉහළම මූල්‍ය ආධාරයක් දෙන්න. තාවකාලික පදනමෙන් සේවය කරන්නෙක් නම් වහා ස්ථිර කරන්න. ක්ලීන් ශ්‍රී ලංකා නාමයෙන් අහිංසක කොස් වෙළෙන්දන්ට බැට ආණ්ඩුවට කරනවා නම් ඔන්න වැඩ...!
රාජකාරිය හරි හැටි කළ සේවක මහතාට මගේ ස්තුතිය...!
දුම්රිය මහා අනතුරක් අනූ නවයෙන් බේරූ එම පුද්ගලයට "මුදල් ත්‍යාගයක්" ලබාදෙන්න. එවිට මේවැනි සිදුවීම් ඇස ගැටෙන්නා වූ රටේ සිවිල් පුරවැසියන්ට වුවද අවධානය යොමු කරනු ඇත...!
එය ඔහුගේ රාජකාරියයි. එය නිසි ලෙස ඉටු කිරීම පැසසිය යුතුය. සමහරවිට අනිකුත් සේවකයින්ද එවැනි අවස්ථාවකට මුහුන දුන්නේනම් මේ දේම කරනු ඇත. මුලු දුම්රිය දෙපාර්ථමේන්තුවටම මගේ ප්‍රනාමය පුදකරමි.
නියම වැඩක්. එයාට උසස්වීමක් ලැබිය යුතුයි