
(යොහාන් භාසුර)
භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරදකරු වී මරණ දඩුවම නියමවී වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටියදී හදිසි අසනීප තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නැවත බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බබන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ සිට වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවක රැදවීමට පසුගිය 10 වැනිදා කටයුතු කළ බවත් එහි රදවා සිටියදී හදිසියේ ඇති වු සංකූලතාවයක් හේතුවෙන් බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයාගේ නිර්දේශ අනුව 11 වැනිදාි අළුයම 2.00 ට පමණ කොළඹ ජාතික රෝහලට යොමු කළ බවත් දිසානායක මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්ධනාගාර රෝහල් වෛද්‍යවරයාගේ වත්කම් පරීක්ෂා කලානම් දුමින්දගේ රෝග නිධානය ටක්කෙටම හොයාගන්න පුලුවන්.
බුද්ධ දේශනාවෙ තියෙනවා සෑම කෙනෙක්ම දඩුවමටත් මරණයටත් බයයි කියල එහෙමනම් භාරත ලක්ෂ්මන් වුනත් වෙඩිවැදුනු වෙලාවෙ කොතරම් බයක් වෙන්න ඇද්ද දැන් මරණ දඩුවම ඉථිරව සිටින නිසා ඒ බියෙන්ම මොහොතින් මොහොත විදවා අසනීප වෙනවා මරණය මෙතරම්ම බියක් දෙන නිසා (යම් විදියකින් දඩුවම ක්‍රියාත්මක නොවුනත්) දැන්වත් ආගම දහමට යොමුවලා බණක් භාවනාවක් කරගෙන පරලොව ජීවිතය යහපත් කරගැනීමට උනන්දු වුනොත් නරකද
ජෙප්පන්ගේ හීන බොඳවෙලා යනවා
මේ විහිළුවෙන් රට ගලවා ගැනීමත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ කොටසක් නමුත් ඒක වෙන්නේ නැහැනේ
මොළයට දැඩි ලෙස හානි වුනු දුමින්ද සිල්වාට ගෝඨා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති කම දුන්නෙත්, ඔහු එම තනතුර බාර ගෙන රැකියාවට ගියෙත් කෙසේද…?
මේකා මහ වණයක් උනානේ….!