IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


දුප්පත්ම පවුලවලට ආණ්ඩුවෙන් මූල්‍ය ප්‍රදානයක්

(අංජුල මහික වීරරත්න)

අස්වැසුම සුඛ සාධක ප්‍රතිලාභ ලබන දුප්පත් හා අන්ත දුප්පත් කාණ්ඩවලට අයත් පවුල් සවි බල ගැන්වීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමය යටතේ මේ වන විට ප්‍රතිලාභ ලබන දුප්පත් හා අන්ත දුප්පත් සමාජ කාණ්ඩ වලට අයත් පවුල් ලක්ෂ 12ක් සවි බල ගැන්වීමේ වගකීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පැවරී ඇත.

එකී අස්වැසුම ප්‍රතිලාභීන් සවි බල ගැන්වීමේ වැඩසටහන යටතේ ආසියානු සංවර්ධන බැංකුවේ හා ලෝක බැංකුවේ මුල්‍ය හා තාක්ෂණික සහාය මත නියමු ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හා ග්‍රාම නිලධාරී වසම් වල එය ක්‍රියාත්මක කරනු ලැබේ. එම නියමු ව්‍යාපෘති වල ක්‍රම වේදය අනුව හඳුනාගත් දුප්පත්  හා අන්ත දුප්පත් පවුල් ඒකක වෙත ඔවුන්ගේ ව්‍යාපාර හෝ රැකියා සැලැස්ම මත පදනම්ව හා ඔවුන් සමඟ ගිවිසුම්ගත වීමෙන් අනතුරුව රුපියල් 150,000ක උපරිමයකට යටත්ව මුල්‍ය ප්‍රදානයක් ලබා දීමට සැලසුම් කර ඇත.

ඒ අනුව, එකී නියමු වැඩසටහන යටතේ සියලුම දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 143 ක ග්‍රාම නිලධාරි වසම් 839 ක පදිංචි පවුල් අතරින් තෝරාගනු ලැබ ඇති ප්‍රතිලාභී පවුල් 23,775ක් වෙත 2025 සිට 2027 දක්වා වන කාලරාමුව තුළ ඔවුන්ගේ ජීවනෝපාය මාර්ග වැඩි දියුණු කර ගැනීම සඳහා යෝජිත මූල්‍ය ප්‍රදානය ලබා දීම පිණිස ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සව් බල ගැන්වීම් අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

දුප්පත්ම පවුලවලට ආණ්ඩුවෙන් මූල්‍ය ප්‍රදානයක්

ගුණරත්න Tuesday, 14 October 2025 05:40 PM

මිනිස්සු අමාරුවෙන් ගෙවන බදු මුදල් පුළුස්සලා විනාශ කරන හැටි...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site