IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලාංකික පවුලකට සිය ආහාර සහ ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් මාසිකව රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් අවශ්‍ය බව ලෝක ආහාර වැඩසටහනේ නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

මෙරට පවුලකට සිය ආහාර අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා පසුගිය පෙබරවාරි මාසයේදී සාමාන්‍යයෙන් රුපියල් 47,107.55 ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් එම මාසයේදී ආහාර නොවන අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් රුපියල් 57,507.67 ක මුදලක් වැය කිරීමට සිදුව ඇති බවත් ලෝක ආහාර වැඩසටහන නිකුත් කළ එම වාර්තාවේ දැක්විණ.

පවුලක මාසික සාමාන්‍ය ආහාර වියදම පසුගිය වසරේ පෙබරවාරි මාසය සහ පසුගිය මාසවලට සාපේක්ෂව ස්ථාවර මට්ටමක පවතින බවත් මාසික සාමාන්‍ය ආහාර නොවන වියදම පසුගිය මාසවලට සාපේක්ෂව සුළු වෙනස්කමක් පෙන්නුම් කරන බවත් එම වාර්තාවේ දැක්වේ.

කෙසේ නමුත් පසුගිය වසරේ පෙබරවාරි මාසය සමග සංසන්දනය කරන විට මෙම වසරේ පෙබරවාරි මාසයේදී ආහාර නොවන මාසික සාමාන්‍ය වියදම සියයට 6 කින් අඩුවී ඇති බවද ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.

සියලුම දේශීය සහල් වර්ගවල සාමාන්‍ය මිල ගණන් පසුගිය මාර්තු මාසයේදී සැලකිය යුතු ලෙස වෙනස් වී නොමැති බවත් දේශීය නාඩු කිලෝවක මිල පසුගිය මාර්තු මාසයේදී රුපියල් 243 ක් ලෙස සටහන් වූ බවත් එම වාර්තාවේ සඳහන් වේ. එය පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව සහ 2024 මාර්තු මාසයට සාපේක්ෂව සියයට 8 ක මිල ඉහළ යාමක් බවද ලෝක ආහාර වැඩසටහන ප්‍රකාශ කළේය.

කීරි සම්බා හැර අනෙකුත් බොහෝ සහල් වර්ගවල මාර්තු මාසයේදී පහළ ගොස් තිබෙන බවද ලෝක ආහාර වැඩසටහන පැවැසුවේය.

 



අදහස් (4)

දින 30ක් ජීවත් වෙන්න ලක්ෂයක මුදලක්

Don perea Friday, 18 April 2025 10:13 PM

වැඩිපුර බත්කන හරක් ඉන්න එකම රට...

:       0       0

Nihal Saturday, 19 April 2025 12:02 AM

ලක්ෂ්‍යයක් වියදම් වෙන්නේ පවුලේ සාමාජිකයින් කොපමණ ප්‍රමාණයක් ඉන්න පවුලකටද සඳහන් කර නොමැත...

:       0       0

සාලිය Saturday, 19 April 2025 10:34 AM

පොඩි අය තුන් දෙනෙක් ඉන්න ගෙදරකට වයිරස් උණක් හැදුණාම ඕක ඩබල් වෙනවා. දෙමවුපියන්ට සලකන්න විදියක් ඇත්තේම නෑ.

:       0       0

Mangala Saturday, 19 April 2025 01:34 PM

මේක ඇත්තක් බව වැටහෙනවා. සාමාන්‍ය විදිහට ජීවත් වෙන පවුලකට අරපිරිමැස්මෙන් ජීවත් වුණත් මේ වියදම යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජ‘පුර සිසුවා පහරදුන් සිසුන්ට ඇප
2025 මැයි මස 07 188 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත්


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 1371 3

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 3751 5

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මැදමුලනේ බලය රාජපක්ෂවරුන්ගෙන් ගිලිහෙයි
2025 මැයි මස 07 4113 8

මෙරට ප්‍රබල දේශපාලන චරිතයක් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිජබිම වූ මැදමුලන ඡන්ද කොට්ඨාශය ඊයේ(06)දින පැවති පළාත් පාලන මැතිවරණයේදී ජයග්‍රහණය


සරසවි සිසුවාට පහරදුන් සිසුන් 7 දෙනාට ඇප
2025 මැයි මස 07 880 2

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට අනුබද්ධිත හෝමාගම පිටිපන පිහිටි තාක්ෂණ පීඨයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීම සම්බන්ධයෙන් අත


භාරකරුවන් නොමැති මළ සිරුරු 28ක් මාස දෙකක් තිස්සේ කළුබෝවිල රෝහලේ
2025 මැයි මස 07 397 2

භාරකරුවන් ඉදිරිපත් නොවීම නිසා මියගිය පුද්ගල මළ සිරුරු 28ක්, මාස දෙකක් තිස්සේ කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇතැයි එම රෝහලේ අභ්‍යන්තර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 969 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 242 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1288 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site