(අංජුල මහික වීරරත්න)
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කිරීම සඳහා වහල අප්‍රේල් 13 දා සිට අප්‍රේල් 21 තෙක් දිවා කාලයේ සෑම දිනකම පස්වරු 3.00 දක්වා තම සූර්ය පද්ධති අක්‍රිය කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලය දිවයින පුරා සිටින වහල මත සූර්ය පැනල සවි කර ඇති බල ශක්තිය හිමියන්ගෙන් ඉල්ලා සිටී.
අවුරුදු සමයේ විදුලි ඉල්ලුම අවම මට්ටමට පහත වැටී ඇති අතර මේ හේතුවෙන් ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරෙන ඉහළ විචල්‍යතාවයකින් යුතු පුනර්ජනනීය බල ශක්ති දායකත්වය ජාතික පද්ධතියට අසාමාන්‍ය ආතතියක් ඇති කරනු ලබන බව විදුලි බල මණ්ඩලය කියයි.
එහි ප්‍රතිඵලයක් ලෙස පද්ධතියේ අවස්ථිතිය තියුණු ලෙස ලෙස පහත වැටී ඇති අතර එය ඉතා සුළු උච්ඡාවචනයකදී පවා අර්ධ වශයෙන් ඇනහිටීම් හෝ රට පුරා විදුලිය විසන්ධි වීමක් ඇති කළ හැකි මට්ටමකට පැමිණිමේ අවදානමක් පවතින බවද විදුලි බල මණ්ඩලය පවසයි.
එබැවින් මෙම තීරණාත්මක කාලය පරිච්ඡේදයේ ජාතික විදුලි බල ජාලයේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය පවත්වා ගැනීම සඳහා වහලය මත සවි කරන ලද සූරිය පැනල හිමියන්ගේ සහයෝගය ලංකා විදුලිබල මණ්ඩලය ගෞරවයෙන් අපේක්ෂා කරනු ලබන බවද විදුලි බල මණ්ඩලය නිවේදනය කරයි.
2025 නොවැම්බර් මස 04
743
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දින නවයක් හිරුගේ විදුලිය එපා කියයි
ලුම්බිණි Sunday, 13 April 2025 07:06 AM
මොකද විදුලිබල මණ්ඩලයට නොරොච්චෝලේ විදුලිය නිපදවීම හෝ වෙනත් ජල විදුලි බලාගාර වල විදුලිය නිපදවීම අඩු කර ගන්න බැරි . එතකොට මණ්ඩලයට වාසියි නේ .
D P P Prasad Sunday, 13 April 2025 08:29 AM
පද්‍ධති ස්‍ථායිතාවය කෙසේවෙතත් ඩීසල් නැප්‍තා කුඩා පරිමාණ ජල බලාගාර හරහා විදුලිය ලබාගෙන ඒවායේ අයිතිකරුවන්‍ගෙන් විශාල සංතෝෂම් ලබාගැනීම තමයි විදුලි බලේ ඉහල නිලධාරි තක්‍කඩියන්‍ගෙ අරමුණ... දැනටමත් බත්‍තරමුල්‍ලෙ තියෙන පද්‍ධති පාලන මධ්‍යස්‍ථාන මොකටද? විදුලිය බෙදාහැරිම පාලනය කර ගැනීමට නොහැකි නම් මේ ආණ්‍ඩුවත් විදුලි බලේ හොරුන්‍ට රැවටිලා ඉක්‍මනටම අනාගන්‍න හදන්‍නේ...
Perakum Sunday, 13 April 2025 03:42 PM
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවෝ බුදිද? නැත්නම් වෙනත් යටිකූට්ටු වැඩක්ද?