
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
දැන් ආණ්ඩුව සතුව රුපියල් ට්‍රිලිනයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
'ඒක පටන් ගත්තේ පහුගිය ආණ්ඩුව. ඒකට ස්තුතිවන්ත විය යුතුයි යනුවෙන්ද ජනාධිපතිවරයා කීය. දැන් අපට මාකට් එක පාලනය කරන්න පුළුවන්කම තිබෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
රටේ වර්තමාන ආර්ථිකය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමෝ බැරිද අපේ නිෂ්පාදන ක්‍රියාවලිය නන්වන්න? පිටරටින් මුදල් විදිහට ණය ගන්නේ නැතිව. තාක්ෂණය සහ කර්මාන්තශාලා උපකරණ සහ එම නිෂ්පාදනවලට පිටරට වෙළඳපොළ වගේ දේවල්, එතකොට හොරකම් කරන්න තියෙන ඉඩ හරිම අඩුයි. නිකන්ම ඩොලර් එනවා.
ඔච්චර තියෙනවා නම් අර අහිංසක උක් ගොවියන්ට හිඟ මුදල් ගෙවනවකෝ, කයිය ගහන්නැතුව.
එහෙමයි කියල හාල් බද්ද අඩුකරන්න කියන්න නම් එපා. එතකොට ඩඩ්ලිට පාඩුයි.
එහෙනම් පරිස්සමෙන් තියාගන්න හොදේ.
ඔච්චර තිබෙනවා නම් අර සහල් වැනි අත්‍යවශ්‍ය අහර ද්‍රව්‍ය වලට ගහන බද්ද අඩු කරන්නකෝ , සහල් වලට 50% බදු ගහනව , රෝහල්වල බෙහෙත් නැහැ , අමතර කොටස් හිඟකම නිසා දුම්රිය ලංගම දුවන්නේ ඉතා අමාරුවෙන්.
ආන්ඩුවට සල්ලි තිබුණාට කාටවත් නිකන් දෙන්න බැහැ. පසුගිය ආන්ඩුවවල වගේ. මේ ඔක්කෝම මහජනතාවගේ බදු මුදල්... හොරකමට, දූෂණයට අවස්ථාව නැති නිසා තමයි මේ පමණ මුදලක් ඉතිරි කරගන්න පුලුවන් වුනේ. ඒක තමයි දියුණුවේ රහස. ජයවේවා...!
රටක සංචිත මුදල් කියන්නේ මොනවද කියල මෙලෝ හසරක් නොදැන මරි මෝඩ කමෙන්ට්ස් දානවා. මිනිහා හැමෝටම විහිලුවක් වෙලා.
ඩොලර් සංචිත වැඩි කරගත්තොත් තමා අපට ගොඩ යන්න පුළුවන්. බදු මුදල් රටේම ගැවසෙන මුදල්.
කාලෙට පෙර ඉන්ධන ගන්න සල්ලි නැතුව අවුරුදු ගාණක් වාහන ආනයනය නොකර එල්. සී. එකක් අරින්න බැරිව හිටපු බව මේ රටේ ගොං මිනිසුන්ට අමතකයි. එහෙම රටක් තමා මේ ට්‍රිලියනයක සංචිතයකට නැංවූයේ.