
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ යටවත්ත වාලවෙල ප්‍රදේශයේ වන සතුන්ගෙන් කුඹුරු ආරක්ෂා කිරිම සදහා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී සතුන් දඩයමේ ගිය පුද්ගලයකු අද (02) මියගොස් ඇති බව යටවත්ත පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ නාඋල,ඕපල්ගල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි ලලිත් රත්නායක නැමැති තිදරු පියෙකි.
මිය ගිය අය ඔහුට අයත් තුවක්කුවක් රැගෙන මෙසේ තවත් අයෙකු සමග වන සතුන් දඩයමේ ගිය අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බවද පොලිසිය කියයි.
කුඹුර සදහා නිතිවිරෝධී අන්දමින් විදුලිය ඇද තිබු කුඹූරේ අයිතිකරු පොලිස් අත්අඩංගුවට ගත් බවත් සැකකරු මාතලේ මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිත බවද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd