IMG-LOGO

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

(මනෝප්‍රිය ගුණසේකර)

ජාතික ලොතරැයි මණ්ඩලයෙන් දී තිබු රුපියල් ලක්‍ෂ 4 1/2කට අධික වටිනාකමැති සන්නිවේදන භාණ්ඩ කීපයක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරි අධ්‍යක්‍ෂවරයකු වු තුසිත හල්ලොලුව මහතාගේ ඇප අවලංගු කළ කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ජුනි 02 වැනිදා දක්වා ඔහු රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට අද (30) නියම කළාය.

සැකකරු දණ්ඩ නීතී සංග්‍රහය යටතේ වරදක් කර ඇති බවට මුල් අවස්ථාවේදී අධිකරණයට දැනුම් දුන් කොටුව පොලිසියේ නිලධාරීහු සැකකරු කර ඇති වරද පොදු දේපළ පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බව දැනුම් දෙමින් කළ ඉල්ලීක් සළකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ පොලිස් නිලධාරීන් නිසි අන්දමින් විමර්ශන කර ඇද්ද? යන්න පිළිබඳ වහාම පරික්‍ෂණයක් පැවැත්වීමටද මහේස්ත්‍රාත්වරිය නියෝජ්‍ය පොලිස්පතිවරයාට වැඩිදුරටත් නියම කළාය.

සිද්ධියට අදාළව මීට පෙර අවස්ථාවක අධිකරණයට බාරවීමෙන් අනතුරුව රුපියල් ලක්‍ෂ 02 බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනෙකුගේ ශරීර ඇප මත මුදාහැරුණු සැකකාර තුසිත හල්ලොලුව මහතා නඩුව යළි කැඳවු අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියේය.



අදහස් (5)

තුසිත හල්ලොලුව රිමාන්ඩ්

යෝගා Friday, 30 May 2025 08:10 PM

මේවා කරලා තව කොච්චර කාලයක් නැව් රහස හංගන් ඉන්නද?

:       56       26

Perera Saturday, 31 May 2025 01:28 AM

කජු සීයා එක්ක... උජාරුවට හිටියට බලාගෙන ගියාම බොල් ඔලුවක්නේ...

:       1       1

Gamini Saturday, 31 May 2025 01:31 AM

දැන්නම් ඉතින් කතා නොකරන තරමට හොඳයි. නැතිනම් මොකකට හරි පටලවලා ඇතුළේ.

:       2       2

Nirmal Saturday, 31 May 2025 11:13 AM

දැන්නම් අන්තිම බංකොළොත් වෙලා ඉන්නේ...

:       0       3

peeeeprasa Saturday, 31 May 2025 11:20 AM

සන්නිවේදන භාණ්ඩ යනු ටෙලිෆෝන්, ජංගම දුරකථන... ඉතින් මේ වගේ නිලයක් දරන පුද්ගලයෙකුට මේ වගේ වරප්‍රසාද තියෙන්න ඕනෑ. මේවා දේශපාලන පළිගැනීම් ... හේතුව රටම දන්නවා... ලැජ්ජයි.

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site