
(සුජිත් හේවාජුලිගේ )
රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මහාචාර්ය පදවි නාමය කිසිදු ලේඛනයක සඳහන් නොකරන ලෙස එම අමාත්‍යාංශයේ ජේෂ්ඨ සහකාර ලේකම් (පාලන) අමාත්‍යාංශයේ අංශ ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දී ඇත.
අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මීට පෙර මහාචාර්ය නාමය සඳහන් කෙරුණු අතර අමාත්‍යාංශයේ වෙබ් අඩවියේද එම නාමය දැක්වුණු බව අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළේය.
අබේරත්න මහතා මහාචාර්ය තනතුරක් දැරුවද මේ වනවිට විශ්ව විද්‍යාලයක අධ්‍යයන කටයුතු නොකරන තත්ත්වය යටතේ මහාචාර්ය පදවිය භාවිතා කළ නොහැකි හෙයින් අබේරත්න මහතාගේ නම ඉදිරියෙන් මින් ඉදිරියට පාවිච්චි කෙරෙන්නේ ආචාර්ය පදවිය පමණක් බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.
මේ අතර පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන් වූ මහාචාර්ය නාමයද පසුගියදා ඉවත් කෙරිණ. ඒ අමාත්‍යවරයා විසින් ස්විච්ඡාවෙන් කරන ලද ඉල්ලීමක් අනුවය. විශේෂඥ වෛද්‍යවරයෙකුදවන අබේසේන මහතා විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු ලෙස කාලයක් කටයුතු කළේය.
මහාචාර්ය පදවියක් ඉසිලූ ආචාර්යවරයෙකු විශ්ව විද්‍යාල සේවයෙන් පසු එම තනතුරු නාමය පාවිච්චි කිරීමට හැකියාව නැති බවත් විශ්ව විද්‍යාල සේවයෙන් පසු ආචාර්යවරයෙකුට හෝ වරියකට සම්මානිත මහාචාර්ය පදවියක් පිරිනැමුණහොත් පමණක් එය භාවිත කිරීමට හැකියාව තිබෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට වඩා වෙනත් වැදගත් වැඩක් සොයාගැනීමට මේ වාර්තාකාරිත්වය හෝ වාර්තාකාරියට නොහැකි වෙලා වගේ. නිල්කන් ඉන්න මාව අහලා ගියත් "මදැයි " කියනවා වගේ.
මාලිමාවේ බබ්බු ටික මහාචාර්ය පට්ටම් වලට අදාල චක්‍රලේඛ නොදැන හිටියා කියන එක තවත් සුපුරුදු කෙබරයක්. මොවුන් කලේ කිසි හිරිකිතයක් නැතුව මහාචාර්ය පට්ටම ඡන්ද ගන්න මාර්කට් කරපු එකයි. දැන දැන ජනතාව ඇන්දුවා.
මම දන්න විදියට මහාචාර්ය කියන්නෙ විශ්වවිද්‍යාලයක උගන්වන කාලයට අදාළ තනතුරක්. ඉගැන්වීම නවත්වපුවම මහාචාර්ය නෑ. නමුත් ගෞරවයක් හෝ සාමාන්‍ය භාවිතයක් හැටියට විශ්වවිද්‍යාලයකින් අයින් උනත් ඒ තනතුරු නාමය සමහරුන්ට යොදනවා. උදා: සුනිල් ආරියරත්න, එදිරිවීර සරච්චන්ද්‍ර. මේ විශිෂ්ඨයන්ගෙ නම් මහාචාර්ය නැතිව ඇහිල පුරුදුත් නෑ වගේ. නමුත් සමහරු ඒ තනතුර අනවශ්‍ය විදිහට ඉස්සරහට දාගන්නෙ මොකක් හරි අඩුවක් වහගන්න වෙන්න ඇති.
අපේ රටේ ව්ශ්ව විද්‍යාලවල ඉගෙන ගත්ත උදවියට හැදෙන බරපතළ මානසික ව්‍යාධියක් තමා මේ පට්ටම් මානසිකත්වය. එයාල හිතන්නේ අනිත් මිනිස්සු අමු මෝඩයො, එයාල තමා පට්ට උගත්තු, එයාල තමා හැමදේම දන්නෙ කියලා.
හොර මහාචාර්ය බකල ජයාගේ දැනගැනීම පිනිසයි. සුනිල් ආරියරත්න, එදිරිවීර සරච්චන්ද්‍ර ආදීන්ගේ නම් මහාචාර්ය යන පදවි නාමය සමග කියැවෙන්නේ ඒ අයට විශ්‍රාම ගියායින් පසුව "සම්මාන මහාචාර්ය" පදවිය හෙවත් "සේවාසම්මත මහාචාර්ය" පදවිය (emeritus professorship) අදාල විශ්වවිද්‍යාලය මගින් පිරිනමා ඇති නිසා මිසක් හිතුමතේ කැමති පරිදි "සාමාන්‍ය භාවිතයක්" හෝ "ගෞරවයක්" හැටියට නෙවෙයි. පසුගිය ආණ්ඩුවල හිටපු ජී.එල්. පීරිස් සහ රංජිත් මද්දුම බන්ඩාර වගේ අයටත් ඒ අය අවසාන වශයෙන් සේවය කල විශ්වවිද්‍යාලයෙන් සම්මාන මහාචාර්ය පදවිය ලැබුනු නිසා තාමත් දිගටම මහාචාර්ය පදවිය යොදන්න පුලුවන්. (ඒ අයගේ දේශපාලනය තුල භූමිකාව ගැන නෙවෙයි මේ කතා කරන්නෙ). නමුත් දැන් ආන්ඩුවේ ඉන්න තරුණ මහාචාර්යවරු කවුරුවත් විශ්‍රාම ගිහින් සම්මාන මහාචාර්ය පදවි ලැබූ වයසක අය නෙවෙයි. ඒ නිසා ඒ අය දේශපාලකයන් බවට පත් වෙලා සරසවි ඇදුරු පදවියෙන් අයින් වුනාම "ආචාර්ය" වීම සාමාන්‍යයි. එච්චරයි.
ධූරකාලික පූර්ණ මහාචාර්යවරු ඔවුන් තෝරා ගන්නා තාක් කල් ඔවුන්ගේ මාතෘකා රඳවා තබා ගනී.
විශ්ව විද්‍යාලයක මාහාචාර්ය පදවියක් දරමින් සිට මහ මැතිවරණය සදහා තරග කරන විට තම නම ඉදිරියේ මහාචාර්ය යන තනතුරු සදහන් කරන්නේ ඔහුව තම චන්දදායකයන්ට පහසුවෙන් හදුනා ගැනීම පිනිසයි. ඉන්පසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිව්රුම් දූන් පසුව එම මහාචාර්ය තනතුර නාමය තවදුරටත් භාවිතා කිරීම නොසුදුසු බව වැටහෙන හෙයින් ඔවුන් තමන්ගේ නමට ඉදිරියෙන් මහාචාර්ය ලෙස භාවිතා නොකරන ලෙස දැනුම් දෙන බව මහාචාර්ය භීහිතිකාවෙන් හෙවත් ප්‍රොෆෙසර් ෆොබියා එකෙන් පෙලෙන බයි සංසදයට සංවේගයෙන් යුතුව දැනුම් දෙමි.
අපේ අගමැතිණියට නම් නියම ආචාර්ය පදවියක් තියෙනවා ! අපේ අගමැතිණියට ජයවේවා.!
අරවින්ද ඇරැව්විල, බද්‍රානි, වගේ අයට අවුරුදු 5කට සට්ටැඹිකම බාරදීලා තියෙන්නේ..හොඳට ගලේ ගහලා හෝදනවා.
කෙනෙක් ආචාර්යද මහාචාර්යද කියන එක අපට නම් අදාලම නැහැ. බොහෝ අය ස්වයන්වින්දනය සඳහා තමන් දැරූ තනතුරු භවිතා කළත් අපි නම් ඒවාට කිසිම සැලකීමක් නැහැ.
බකල ජයා මහත්මාණෙනි, විකිපීඩියාවෙහි ඇති Ediriweera Sarachchandra යන ලිපියෙහි Career යන මාතෘකාව යටතේ ඇති කොටසේ අන්තිම ඡේදය බලන්න. තවත් විස්තර අවශ්‍ය නම් අදාළ විශ්වවිද්‍යාලයේ කවුන්සිල වාර්තා සහ 1982 වසරේ පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තා බලන්න. ස්තුතියි.
ලුම්බිණිත් එහෙම කරනවා එහෙනම්...
Wikipedia ගැන මගේ ප්‍රතිචාරය දාන්ඩෝ DM
එය නිවැරදි දෙයකි. මහාචාර්ය තනතුර යනු එම දෙපාර්තමේන්තුවේ අධ්‍යයන තනතුරකි. බොහෝ විද්වතුන් අධ්‍යයන කටයුතු නවතා වසර ගණනාවකට පසුවත් 'මහාචාර්ය' යන යෙදුම දිගටම භාවිතා කරයි, නමුත් ඔවුන්ට "සම්පුර්ණ මහාචාර්ය" භාවිතා කිරීමට අයිතියක් ඇතත්, ජී එල් පීරිස් මහතා තමා මහාචාර්යවරයා ලෙස දිගටම හඳුන්වයි. NPP ඇමතිවරුන් එම තනතුර අත්හැරීම තවත් එකකි