(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලංගම බත්තරමුල්ල නිවසක සඟවා තිබූ චීනයේ නිෂ්පාදිත පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමඟ මෝටර් කාර්මිකයකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිශාව අපරාධ කොට්ඨාසය කියයි.
එම ගිනි අවිය සමග 9 එම් එම් වර්ගයේ ජීව උණ්ඩ 12 ක් අඩංගු මැගසිනයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව මෙම ගිනි අවිය සොයාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා මෙම ගිනි අවිය අපරාධ සඳහා යොදාගෙන තිබේද? වෙනත් පුද්ගලයන් අතට පත් කර තිබේද? යන්න පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතය.
බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd