
(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය පොලිස් වසමේ ඒදඬුවාව ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් පෙරැළීයාමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන් කළ දෙදෙනකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පේරාදෙණිය පොලිසිය කියයි.
අද (31) අලුයම මෙම අනතුර සිදුවී ඇති බව පවසන පොලිසිය අනතුරට පත් ත්‍රීරෝද රථයේ පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ පිරිසක් ගමන් කොට ඇති බවද කියයි.
තුවාලකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙන අතර පේරාදෙණිය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd