
(අංජුල මහික වීරරත්න)
ලෝක වෙළඳපොළ තුළ ශ්‍රී ලංකා ව්‍යවසායකයින්ගේ කොටස අත්පත් කර ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
තානාපතිවරුන් සහ ව්‍යවසායකයින් ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලියක් යටතේ ලෝක වෙළඳපොළ තරණය කිරීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ආණ්ඩුව සතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති තරුණ ලාංකේය ව්‍යවසායක මණ්ඩලයේ 26 වන සමුළුවට එක්වෙමිනි.
තිරිංග යොදා සිර කර තිබෙන ආර්ථිකය වෙනුවට යම් තරමක නිදහස් චලනයක් ඇති ආර්ථිකයක් නිර්මාණය කිරීම සඳහා මෙවර අයවැයෙන් කටයුතු කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය .
ආර්ථිකයෙහි නිදහස් චලනයක් ඇති කිරීමෙන් යම් සංවර්ධන වේගයක් අත්පත් කර ගත හැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඊට සරිලන පරිදි ආර්ථිකයට විශාල කම්පනයක් නොදැනෙන ලෙස මෙවර අයවැය සකස් කළ බවද කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම අයවැයෙන් පහළ මධ්‍යම පාන්තික ජනතාවට කිසිදු ප්‍රතිලාභයක් නොමැත.
ජයවේවා... නාස්තිය සහ හොරකම් නැතිකරපු එකම රටට සහනයක්... ඒ ප්‍රතිලාභ ජනතාවට ලැබෙන්න ටිකක් කල්යයි
සෑර් අපි නං දන්නේ නැහැ මොනවද ඔය තිරිංග කියලා, ඔය ලස්සන වචන දැම්මට හරයක් නැති නිකම් නිකම් කතාවක් කියල අපිට තේරෙන්නේ.
ගුනරත්න මොවුන්ගෙන් සෑම දේම වචනවලට පමනක් සීමා වුන දේ බව මට පමන්ම නොව ඔබටත් තේරි ඇත. ඔබට මල් මිටක්.
කීයන දේවල් තේරුම්ගන්න සාමාන්‍ය ජනතාවට පුලුවන් නමූත් බත් කන හරකුන්ට ගොඩක් අමාරුයි...