IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තම්මිට සුමිත්ගේ ගෝලයෝ දෙකක් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් ගම්පහ, තම්මිට ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කසුන්‘ නැමැත්තාගේ නිවෙසට ඉදිරිපිටට පැමිණ අහසට වෙඩි තබා තර්ජනය කළ බව කියන සංවිධානාත්මක හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන තම්මිට සුමිත් නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුට ගෙන ඇත්තේ මාකවිට, තම්මිට ප්‍රදේශයේ පදිංචි අවුරුදු 28 සහ 33 වයස්වල පසුව වන දෙදෙනෙකි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් තදින්ම අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් වන අතර සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 45 ක් සහ මිලිග්‍රෑම් 510 ක් පොලිසිය සොයාගෙන ඇත.

සැකකරුවන් ඉකුත් (19) වැනිදා තම්මිට ප්‍ර දේශයේ ‘කසුන්‘ නැමැත්තාගේ නිවෙසට පැමිණ විදේශ රටක දැනට සැගව සිටින තම්මිට සුමිත් නැමැත්තා දුරකතනයෙන් අමතන බව පවසා නිවැසියන්ට දුරකතන ඇමතුම ලබාදී තිබූ බවත් එහිදී නිවැසියන්ට තර්ජනය කර තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත්තේ අහසට වෙඩි තැබීමක් නොකළ බවය. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදුකෙරේ.

බස්නාහිර පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ජේ.ඒ.කේ ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ මෙහෙයවීම පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.



අදහස් (0)

තම්මිට සුමිත්ගේ ගෝලයෝ දෙකක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 873 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site