(කේ. බුද්ධික කුමාරසිරි)

හෝමගම පිටිපන කිරිබේරියකැලේ ප්‍රදේශය හරහා හමාගිය දැඩි සුළගකින් එම ප්‍රදේශයේ නිවාස 52 කට පමණ හානි සිදුව ඇතැයි හෝමගම ප්‍රාදේශීය ලේකම් බී.ඒ.ඩී චින්තක මහතා පවසයි.

අද (13) දින අළුයම් කාලයේදී මෙම දැඩි සුළං තත්වය බලපා ඇත.

හෝමගම පිටිපන කිරිබේරියකැලේ, පන්සල හන්දිය මෛත්‍රිදාස මාවත ආදී ප්‍රදේශ රැසක නිවාස වලට මෙලෙස හානියට පත්ව ඇත.

නිවාස වල වහලවල් රැසකට සහ ගස් රැසක් හානියට පත්ව ඇති බව එම ප්‍රදේශයේ ජනතාව පවසති.