
(සුජිත් හේවාජුලිගේ)
ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම ඩිපෝ ලාභ ලබන තත්වයට පත් කර ගැනීම සඳහා සියලුම ඩිපෝ කළමනාකරුවන්ට මාසයක කාලයක් ලබාදී ඇතැයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කරන්නේ එසේ නොකරන ඩිපෝ කළමනාකරුවන් සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.
රට පුරා ලංගම බස් ඩිපෝ එකසිය හතක් ක්‍රියාත්මක වේ.
මින් ලාභ ලබන තත්වයේ පවතින්නේ ඩිපෝ 60ක් පමණක් බව අමාත්‍යාංශය පවසයි.
මේ අතර නව රජය බලයට පත්වීමෙන් පසු ලංගම ඩිපෝ කළමනාකරුවන් විස්සකට ආසන්න පිරිසක් ඉවත් කර වෙනත් පුද්ගලයන් පත් කළ බවද නියෝජ්‍ය මාධ්‍යවරයා පැවසීය.
ලංගම ඩිපෝ ලාභ ලබන තත්වයට පත්කර ගැනීම සඳහා ඩිපෝ කළමනාකරුවන්ට ලොකු කාලයක් දුන් බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බු හා හා හා, ඔය ඩිපෝ වලින් එකක් දෙකක් ලාභ ලබාවි, අනිත් ඒවා ලාභ ලබන්න නම් ඉන්න සේවකයෝ ටික අස්කරලා දාන්න ඕනෑ.. මේ නැතිව ලාභ ලබනවා කියන්නේ හීනයක්...
අනිවාර්යයෙන්ම! සුදුසුකම් නැති දේශපාලන හෙංචයියන් අරක්ගත් තැනක් තමයි ලංගම කියන්නේ, ඒ නිසා ඒක ශුද්ධ කරලා ජනතාවට හිතැති රටට වැඩ ඇති තැනක් බවට ඒක පත් කරන එක නියෝජ්‍ය ඇමැතිගේ වගකීම වනු ඇත...