
(යොහාන් භාසුර)
මෙරට තුළ කරන ඩිජිටල් සේවා සඳහා එකතු කළ අගය මත බද්ද හෙවත් ‘වැට්’ බදු ලබන ඔක්තෝබර් 1 වැනිදා සිට අයකරන බවත් ඒ අනුව ඩිජිටල් සේවා 18 ක් සැපයීම වෙනුවෙන් එදින සිට සියයට 18 ක වැට් බදු අනුපාතිකයකට යටත් වන බවත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
2025 අංක 04 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත ප්‍රකාරව මෙලෙස ඩිජිටල් සේවාවන් සඳහා ‘වැට්’ බදු අයකරන අතර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම මස 1 වැනි දින පළ කළ අංක 2443/30 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයෙන් මෙම නව ඩිජිටල් සේවා බදු සම්බන්ධයෙන් මාර්ගෝපදේශයන් පළ කර තිබේ.
ශ්‍රී ලංකාවේ පුද්ගලයෙකු හට විද්‍යුත් වේදිකාවක් හරහා සේවාවන් සපයන අනේවාසික තැනැත්තන් මෙම ඩිජිටල් සේවා සඳහා බදු ගෙවිය යුතුය.
එහිදී වැට් බදු සඳහා පසුගිය මාස 12ක කාලය තුළ දී රුපියල් මිලියන 60 ඉක්මවූ සේවාවන් සපයා ඇති හෝ අවසාන කාර්තුව තුළ දී රුපියල් මිලියන 15 ක් ඉක්මවා සේවාවන් සපයා ඇති පුද්ගලයන් ලියාපදිංචිවීම අනිවාර්ය වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරා කාලා උගන්ඩාවේ යවපු ඩොලර් ගෙනැල්ලා රට සුඛිත මුදිත කරනවා කියලා රවට්ටපු තරුණ පරම්පරාවට තමයි මේ බද්දෙන් හිල් වෙන්න ටොක්ක ඇනලා තියෙන්නේ. යන්තම් ඔලුව උස්සගන්න හදන අයට මෙහෙම කලාට ආණ්‌ඩුවේ ගජමිතුරු බිස්නස්කාරයින්ට ප්‍රකෝටි ගණන් ලාභ ගන්න චාන්ස් දෙනවා. ඔහොම යංකෝ...!
මෙතන තමයි රජය වරද්දාගත්තු තැන... කාගෙන්වත් සතයක්වක් ආධාර නොගෙන තමන්ගේ වියදමින්, මහන්සියෙන් වැඩ කරලා පිට රටින් ඩොලර් ගේනකොට ඒකටත් බදු ගහනවා. මේවාගේ බද්දක් ගහලා දෙන ප්‍රතිඵල මොනවාද? අස්වැසුම නිකමුන්ට බෙදපියව්... පුදුම කාලකණ්ණි රටක් මේක...