IMG-LOGO

2025 මැයි මස 29 වන බ්‍රහස්පතින්දා


ජීව හරණ එයි : අලුගෝසුවා යයි

මරණ දණ්ඩනය ක්‍රියාත්මක නොවෙතත් ඒ කාරිය කිරීම සඳහා සේවකයන් දෙදෙනකු බඳවා ගැනීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසේ.

මෙම තනතුර ‘ජීව හරණ‘ යනුවෙන් නම් කැර ඇත.

එහි තේරුම ජීවිතය අහිමි කිරීම යන්නයි. මීට පෙර එම රාජකාරිය හැඳින්වූයේ අලුගෝසුවා නාමයෙනි.

මෑත දී දෙවතාවක් ම එම තනතුරට සේවකයන් බඳවා ගැනීම අසාර්ථක විය.

 

 



අදහස් (0)

ජීව හරණ එයි : අලුගෝසුවා යයි

අශාන් වැලිහැන්ද Wednesday, 25 June 2014 08:22 AM

ජීව හරන නෙවෙයි මොනවා උනත් කමක් නැහැ වැඩේ කරනවා නම් එච්චරයි (නදී)

:       0       0

ආනන්ද ආර් Tuesday, 24 June 2014 06:09 PM

අලුගෝසුවෝ හැමතැනම ඉන්න හින්ද එයාට වෙනත් නමක් දැන් එක හොඳයි (අ)

:       0       0

චමිදු Tuesday, 24 June 2014 06:46 PM

මේවා ආණ්ඩුවේ මුදල් නාස්ති කිරිමවල් නිකන් අපරාදේ මහජනයාගේ සල්ලි !(අ)

:       0       0

පිටිගල Tuesday, 24 June 2014 07:13 PM

ඔව් එක හොඳයි, නැත්නම් ඒ තනතුරට කරන අගෞරවයක්! (අ)

:       0       0

සිතුම් Tuesday, 24 June 2014 07:35 PM

හැම තැනම දැන් ඉන්නේ පරිපාලන සහකාර කියල කට්ටිය නේද? මේකටත් "ජීව හරණ පරිපාලන සහකාර" , "විධායක ජීව හරණ නිලධාරී" , වගේ නමක් දැම්මනම් ගොඩක් කට්ටිය කැමැත්තෙන්ම ඉල්ලයි.ලංකාවේ ගොඩක් මිනිසුන්ට වැඩ කෙසේ වෙතත්, නම තමයි ලොකුවට ඕනේ. (අ)

:       0       0

කිංස්ටි Tuesday, 24 June 2014 07:39 PM

අනිවාර්යෙන්මේ යහපත් රටක් සමජයක් ඇති කිරිමේ අපේ රටේ මෙවැනි තීරණයක් ගත් ජනාධිපතිතුමාට අපේ උත්මාචාරය (අ)

:       0       0

නුවන් Wednesday, 25 June 2014 09:25 AM

සුදුසුකම් මොනවද? (ස)

:       0       0

මිනිපෙ Tuesday, 24 June 2014 08:21 PM

ටෙලි නාට්‍යක නමක් වගේ. (අ)

:       0       0

නීල් Tuesday, 24 June 2014 08:23 PM

ඕකට හරියන නම වෙන්නේ ආයුධ පෙන්වීමට යාම.(අ)

:       0       0

රොක Tuesday, 24 June 2014 08:33 PM

මොන අති පණ්ඩිතයා හැදුවත් ඔය වචනය ගැලපෙන්නේ නැහැ. ජීවිතය අහිමි කෙරීම යන තේරුම ඔය වචනයෙන් ලැබෙනවා කියලා මොන පඬිතයාද කියන්නේ? එහෙමනම් එයා සිංහල භාෂාව දන්නේ නැති පණ්ඩිතයෙක්. (අ)

:       0       0

මිනිපෙ Tuesday, 24 June 2014 08:45 PM

මේකට නම් කල යුතේ, රජයේ කොන්ත්‍රාත්කරු, යනුවෙන්. (අ)

:       0       0

සමරේ Tuesday, 24 June 2014 09:21 PM

මේ නම හොඳ දේශපාලකයන්ට. නම ඉස්සරහින් දේශමාමක දානවට වඩා ටිකක් ලස්සනයි වගේ.(ස)

:       0       0

යද්දෙහිවත්ත Tuesday, 24 June 2014 09:38 PM

ඔය එක නමක්වත් ගැලපෙන්නේ නැහැ. පොලිස් රාජකාරිය කියා දැම්මනම් හරිනේ. (ස)

:       0       0

මෛත්‍රී Tuesday, 24 June 2014 09:59 PM

අලුත් දෙයක්, අලුත් කෙනෙක් නොවේ. මේ ජීව හරණලා. ඕන තරම් ඔය ඉන්නේ හැම තැනම. (ස)

:       0       0

මහේන්ද්‍ර සුමනරත්න Tuesday, 24 June 2014 09:59 PM

මොන නම දාලා ගත්තත් අහිංසක හොරු මැරෙනවා. ලොකු හොරු වැජඹෙනවා. (ස)

:       0       0

ධම්ම Wednesday, 25 June 2014 11:32 AM

ඇයි මේ බර වචන? 'එල්ලන්නා' එහෙම නැත්නම් 'එල්ලුම්කරු' කීවානම් එල්ලුම් ගහ යන්නටත් ගැලපෙනවා නේද. ජීවහරණ කියන්නේ මිනීමරු කියන එකමනේ එක අතකට. (ස)

:       0       0

පිටිගල Tuesday, 24 June 2014 10:11 PM

කිංස්ලි කියන දේ මට තේරුනේ නැහැ.(ස)

:       0       0

අනුරාධ Wednesday, 25 June 2014 11:54 AM

කියලා දැම්මා නම් හොඳ නැද්ද? (නදී)

:       0       0

ජුඩ් Wednesday, 25 June 2014 11:58 AM

හැබැයි දැන් පටන් හැකියි. මොකද එල්ලන්න 2000 ක් විතර පෝලිමේ ඉන්නවා. ලොකුම අපරාදය තමයි අසරණයෝ එල්ලන එක. හරියට සාක්කි හොයල කරොත් නියමයි (නදී)

:       0       0

ප්‍රේමතිලක පෙරමුණ Tuesday, 24 June 2014 10:51 PM

කුමුරෙන් බැරිනම් හේනෙන් කියන්නෙ මේ වැඩේට තමයි (ස)

:       0       0

පුෂ්පා Wednesday, 25 June 2014 12:08 PM

කසුන් තරංග, පිපිංඥා නෙවෙයි පිපිඤ්ඤා, මම දන්නා තරමින්. (ස)

:       0       0

සී ජ් Wednesday, 25 June 2014 12:00 AM

එතකොට දැනට ඉන්න ජීව හරණලා සද්ගුණවත් ජීව හරණ ලෙසට නම් කරමු නේද ? (ස)

:       0       0

මධුශානි Wednesday, 25 June 2014 12:34 AM

අලුත් නම හොඳයි (නි)

:       0       0

සිටැන්ලි Tuesday, 24 June 2014 02:37 PM

නිකම් කල් මරණ එක නවත්වලා මොන නමින් හරි කමක් නැහැ එල්ලුම්ගහ ක්‍රියාත්මක කරනවා නම් තමයි හොඳ . (නදී)

:       0       0

සමන් Tuesday, 24 June 2014 02:39 PM

"ජීවානුහරණ" නෙමෙයිද? (නදී)

:       0       0

අනුරාධ Wednesday, 25 June 2014 12:23 PM

මැරයා කියලා දැම්මා නම් හොද නැද්ද ? (නදී)

:       0       0

සීවලී Wednesday, 25 June 2014 01:09 AM

ජීව හරණ ගෙනෙයි මරණ.... පොඩි උන්ටයි නොමැති සරණ.... (නි)

:       0       0

මාලි Tuesday, 24 June 2014 02:44 PM

චුත කිරීමේ නිලධාරී කිව්වා නම් වඩා හොදයි නේද ? (නදී)

:       0       0

චමින්ද Wednesday, 25 June 2014 01:35 AM

එල්ලා මැරීම ක්‍රියාත්මක නොවන නිසා එයාලට නිකන් ඉඳලත් වැටුප් ලැබෙනවා නේ (නි)

:       0       0

ජුඩ් Tuesday, 24 June 2014 02:48 PM

ජීව හරණ වෙනුවට ජීව උන්ඩ ආවා නම් හරි. එතකොට හැංගිලා ඉඳල කොකා ගස්සන්න පුළුවන්. මැරෙන එක්කෙනාට පේන්නේ නැහැ කව්ද මරන්නේ කියලා. මරණ එක්කෙනාට තේරෙන්නේ නැහැ මරන්නේ කවද කියලා. (නදී)

:       0       0

චමින්ද Wednesday, 25 June 2014 01:46 AM

පිටිගල,මටත් කිංස්ලි කියන දේ තේරුනේ නැහැ.ඒ කියන්නේ දැන් මරණ දඩුවම ක්‍රියාත්මක වෙනවද....? (නි)

:       0       0

ප්‍රියංක Tuesday, 24 June 2014 02:49 PM

මොන නමින් තිබ්බත් එකම දේනේ වෙන්නේ. හිනා යන කතාවක් මේක. එ්ත් මේක ක්‍රියාත්මක කරනවා නම් හොදයි. මානව හිමිකම් සංවිදාන මොනවා කිවත් රටේ අපරාද නවත්තන්න මේක ක්‍රියාත්මක කරන්නම වෙනවා. (නදී)

:       0       0

ජය Tuesday, 24 June 2014 02:53 PM

මොන විදියට ආවත් එකම දේනේ වෙන්නේ. (නදී)

:       0       0

ජයසේන Tuesday, 24 June 2014 02:53 PM

ආයුර්වේද අවුසදයක නමක් වගේ. බලමුකෝ මේ පාරවත් හරියයිද කියලා. (නදී)

:       0       0

නිසාර් Tuesday, 24 June 2014 02:58 PM

මේ නම ආන්දෝලනයක් ඇතිකරන්න පුළුවන්. මොකද ජීවිතය අහිමි කිරීම කරන අය පාර්ලිමෙන්තුවෙන් පටන් බොහෝ තැන් වල ඉන්න නිසා. (නදී)

:       0       0

ලෙස්ලි ජයවර්ධන Tuesday, 24 June 2014 03:00 PM

මෙයාට රාජ්‍ය ජීවහරන නිලධාරී කියල තනතුරක් දෙමු. දේශපලකයෝ අතරත් ජීවහරනලා ඉන්නවනේ (නදී)

:       0       0

ගිහාන් Tuesday, 24 June 2014 03:05 PM

මට මතක් වෙනවා 1990 ගණන් වල තැපැල් හා විදුලි සංදේශ අමාන්ත්‍යංශය යටතේ " ටෙලිෆෝන් එක්ස්චේන්ජ්" යන ඉංගිරිසි බෝඩ් එක සිංහලෙන් ලියලා ප්‍රසිද්ධ කරපු හැටි. " දුරකථන විනිමය මධ්‍යස්ථානය " කියලයි පරිවර්තනය වෙලා මේ මෑතක් වන තුරුම තිබුණා. (නදී)

:       0       0

තරූ Tuesday, 24 June 2014 03:16 PM

කව්රු ආවත් වැඩක් නෑ නීතිය හරියට ක්‍රියාත්මක නැත්නම් (නදී)

:       0       0

කසුන් තරංග Tuesday, 24 June 2014 03:20 PM

පිපිංඥා කියා ලියන්න බැහැ ඔන්න මම කැකිරි කියා ලිව්වා.(නදී)

:       2       0

අනුරශාන්ත Tuesday, 24 June 2014 03:22 PM

මොන නම දාල හරි කමක් නැහැ මිනී මරුවන්ට නම් මරණ දඩුවම දිය යුතුමයි.(නදී)

:       0       0

සත්‍යා Wednesday, 25 June 2014 03:33 AM

ඕකට මොන දේ කිව්වත් සිදුවන්නේ එකම ක්‍රියාවලිය නොවේද? (නි)

:       0       0

සෑම් Tuesday, 24 June 2014 03:31 PM

මේවා දැක්කාම හිනා වෙනවද අඬනවද කියලා හිතා ගන්න බැහැ එල්ලුම් ගහටත් "ජීවානු හරණ ශාඛය" කියලා දැම්මා නම් තවත් හොඳයි.(නදී)

:       0       0

දිසානායක Tuesday, 24 June 2014 03:51 PM

කොහොමද අයදුම් කරන්නේ? (නදී)

:       0       0

ශාන් ප්‍රනාන්දු Wednesday, 25 June 2014 06:40 PM

මොන නම දාල හරි කමක් නැහැ මිනී මරුවන්ට නම් මරණ දඩුවම දිය යුතුමයි(දී)

:       0       0

හෂාන් Wednesday, 25 June 2014 06:18 AM

ඒ නම නම් හොඳයි (නි)

:       0       0

තිලක් Tuesday, 24 June 2014 04:59 PM

එතකොට ඉංග්‍රීසි නම මොකද්ද.........? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 58 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 213 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 557 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site