
(තිලකරත්න දිසානායක.)
විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.
කොටුගොඩ සහ උඩුගම්පොළ යන ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 21 සහ 25 යන වයස්වල පසුවන මොවුන් මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවී සිටින්නන් බවත් පොලීසිය පවසයි.
මොවුන් සතුව තිබී ටී - 56 ප්‍රමාණයේ ජීව උණ්ඩ 94 ක් , මිලි මීටර් 9 ප්‍රමාණයේ උණ්ඩ 6 ක්, රිවෝල්වර උණ්ඩ 14 ක් සහ 84 - එස් ප්‍රමාණයේ උණ්ඩ 6 ක් සමග අයිස් මත් ද්‍රව්‍ය මිලි ග්‍රෑම් - 90 ක් සහ හෙරොයින් මිලි ග්‍රෑම් - 15 ක් අත් අඩංගුවට ගනු ලැබූ බවද පොලීසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd