
(ජේ.කේ.එල්. චාමින්ද)
කුරුණෑගල , ඉබ්බාගමුව ප්‍රාදේශිය ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කළ අඹන්පොල හා කටුපොත යුනිට් 03 ජල ව්‍යාපෘති ක්‍රියාත්මක නොවිමෙන් එම ව්‍යාපෘතිවල ඉතිරි වැඩ නිම කිරිම සදහා වැයකළ රුපියල් 5,938,746ක නිෂ්කාර්ය වියදමක් බවට පත්ව තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මෙකි ජල ව්‍යාපෘති 2013 වර්ෂයේ දි ආරම්භකොට තිබුණි. අඹන්පොල ජල ව්‍යාපෘතියේ ඉතිරිවැඩ නිම කිරිම සදහා 2020 වර්ෂයේ දි රුපියල් 1,979,418ක මුදලක් වැයකොට තිබුණි. කටුපොත යුනිට් 03 ජලයෝජනා ව්‍යාපෘතියේ ඉතිරි වැඩ නිමකිරිම සදහා වැයකොට ඇති මුදල 3,959,328 කි.
එහෙත් ජල මුලාශ්‍ර යේ සිට ටැංකිය දක්වා ජලනල එලිම සම්පුර්ණ කර නොතිබිම, ජල ටැංකියේ සිට පාරිභෝගිකයින් දක්වා ජලය ගෙනයාම සදහා නල පද්ධතියක් සකස්කර නොතිබිම, විදුලිය ලබා නොගැනිම යන කරුණු හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක නොවිමෙන් වැය කළ මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.
ව්‍යාපෘති පලදායි ලෙස අරමුණ ඉටුවන ආකාරයට හා අපේක්ෂිත ප්‍රතිලාභ ලබාගත හැකි ආකාරයට ක්‍රියාත්මක කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.
2025 නොවැම්බර් මස 04
761
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජල ව්‍යාපෘති අතරමඟ නැවතී ලක්ෂ 59ක් වතුරේ