
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි මාසයේ වියට්නාමයේ තෙදින සංචාරයක නිරත වන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වියට්නාමයේදී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උත්සවය සඳහා ජනාධිපතිවරයා මැයි 3 සිට මැයි 6 වැනි දා දක්වා වියට්නාමයේ රාජ්‍ය නිල සංචාරයක නිරත වීමට නියමිතය.
ජනාධිපතිවරයා නැවත මැයි 6 වෙනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයත් ඇමරිකාවත් දෙපැත්තෙන් තියාගෙන එකකටවත් යට තොවී සහයෝගයෙන් වියට්නාමය වැඩ කරන හැටි අවධානයට ගන්න. මෙවැනි රටවල් සමග සන්ධානගත වන්න. ඔබට එය කල හැකියි.
කමිසෙ බොත්තම් ටික හරියට දාගෙන දත් මැදගෙන යන්න. කියන බොරුවලට දත් දුර්වර්ණ වෙලා තියෙන්න පුලුවන්
ඔන්න ඔන්න මෙයත් පටන් අරන් .......රනිලුත් බලය ලැබුණු හැමවිටම ඔය වගේ වැඩකට නැති රට සවාරි දාන හින්ද තමයි මිනිහට කවදාවත් මිනිස්සු ඡන්දෙ දීල රටේ නායකයා කරන්නේ නැතිතේ
වියට්නාමය ලබා ඇති දියුණුව ඉන්පසු ශ්‍රී ලංකාවට ද උදා වනු ඇද්ද නැතිනම් වියට්නාම් ජනපති ද බොරු කීමට ඉගෙන ගෙන එම ජනතාව ද රැවටීමට කටයුතු කරාවිදැයි ලංකාවේ අපි බලා සිටිමු.
ඔන්න දැන් කියයි මුළු ගමනටම වියදම් උනේ රු18,000 යි කියල . එකත් අඳුනන මල්ලි කෙනක් දුන්න කියයි .
වෙසක් මාසේ අපි බොරු කියන්නේ නෑ
ජාත්‍යන්තර සබඳතා නැහැ කිව්වානේ, මේ යන්නේ රටට අවශ්‍ය ජාත්‍යන්තර සබඳතා අරන් එන්න හරිද බයියනේ...!
වියට්නාමෙන් නම් පිනට සල්ලි ලැබෙන, ණය ලැබෙන රටක් නම් නෙමෙයි