IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


ජනපති මාල දිවයිනට පිටත්ව යයි

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ මාලදිවයින බලා පිටත්ව ගියේය.මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ  ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙයි.

මෙම සංචාරයේ දී ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික රාජ්‍ය සාකච්ඡා පැවැත්වීමට සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි.

ජනාධිපතිවරයා මෙහිදී මාලදිවයිනේ ව්‍යාපාරික සංසදය ඇමතීමට සහ මාලදිවයිනේ වෙසෙන ශ්‍රී ලාංකික  ප්‍රජාව හමුවීමටද නියමිතය.

මෙම සංචාරය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරී පිරිසක්ද මෙම සංචාරයට සහභාගී වෙති. ජනාධිපතිවරයා ලබන 30 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.



අදහස් (3)

ජනපති මාල දිවයිනට පිටත්ව යයි

පන්සිළු Monday, 28 July 2025 09:33 AM

ඔබ එනතුරු මෝදි මහතා බලා සිටී. හොර ගිවිසුම් වලට නොඑත්වා...!

:       0       2

අරවින්ද මොණරවිල Monday, 28 July 2025 09:42 AM

පිටරටවල් වල යහළුවන් නැති එකේ මොනවට යනවාද මන්දා ? කජු සීයා නම් තව කමක් නැහැ...

:       2       1

පිටිගල මිලානෝ Monday, 28 July 2025 11:17 AM

ගෝඨාභයව රටින් එලවනකොට පැනලා ගියෙත් මාළදිවයිනට නේද…?

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1472 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1317 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site