
(අංජුල මහික වීරරත්න)
ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමු විය.
ජර්මනියේ ශ්‍රී ලාංකිකයින් විසින් සංවිධානය කර තිබූ මෙම හමුවට එරට ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ, ආයෝජකයෝ සහ වෘත්තිකයෝ රැසක් එක්ව සිටියහ.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කීවේ සමෘද්ධිමත් රාජ්‍යයක් වෙනුවෙන් එකට එක්ව කටයුතු කළ යුතු බවයි.
රට ඉහළට ඔසවා තැබීම සඳහා විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් ගේ දායකත්වය ඇගයූ ජනාධිපතිවරයා පැවැසූයේ බිද වැටී ඇති රාජ්‍ය යළි ගොඩනැගීම සදහා මේ වන විට ස්ථාවර ආරම්භයක් ගනිමින් සිටින බවයි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්ද මෙහිදී රැස්ව සිටි පිරිස ආමන්ත්‍රණය කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනුවට පස්සේ ඩොලර් කෝටි ගණන් ගෙන්වන්න පුළුවන් කියලා ඡන්ද කාලේ කිව්වේ මේ අය ගැන වෙන්න ඇති. මොවුන් මෙතෙක් කරපු ආයෝජනයකුත් නෑ ඉදිරියට කරන්න පුළුවන් කියලා හිතන්නත් බෑ. ඇත්ත කතාව ලංකා ඩයස්‌පෝරාවේ 99%ක්‍ම ලොකු දේවල් කිසිවක් කරන්න බැරි... ඒත් රට කරන හැටි ගැන ලොකු ලොකු උපදෙස් දෙන්න නම් කැමති සාමාන්‍ය මිනිස්සු.
දන්නා තරමින් නම් ජර්මනිය වගේ රටවලට ගිය අය ලංකාව අත හැරලාම ගියා මිසක් රැකියාවක් කරලා රටට සල්ලි එවලා නැවත රටට එන්න ගිය අය නොවේ. නිකම් බොරුවට මුණ ගැහෙනවා. කොටි ඩයස්පෝරාව එක්ක මොනවාද දන්නේ නෑ එකඟ වෙච්චි දේවල්. ඒ ගැන තමයි සැක...
ජර්මන් ජනාධිපති ඉස්සරහ නැට්ට දෙපරන්දේ ගහගෙන ඉඳලා, කොහොමද අපේ අය ඉස්සරහ සිංහ සෙයියාවෙන් පච විදින හැටි...!
යෝගාටත්, රම්බොඩටත් ගණන් හිලව් දන්වනවාද සල්ලි එවන අය...? කලින් අය පවුල් පිටින් ගිහිල්ලා හොරෙන්ම එනවා, ඒවාට හුරේ දාලා දැන් මේවා හරියට කෙරෙනකොට ඇද කියනවා...
ගම්මන්පිල මොකද කියන්නේ?, කියන එකක්වත් වුනේ නැහැනේ...!
ජර්මනියේ ගියාට රාජ්‍ය නායකයා මුණගැසෙන්නේ වත් ලැබුනේ නැහැ කියලා කනින් කොනින් ආරංචි ආවා, නාමික ප්‍රධානියා මුණගැහිලා හිඟමනක් ගන්න කතා කරලා ආවාලු...!
ඔය අවර ගණයේ කථා නවත්තලා ඔයාලත් යන්නම යන්නකෝ කොහේ හරි...
ඩයස්පෝරාවේ කට්ටිය හම්බවෙලා නැද්ද?
හිටපු බලලෝබී බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන් මහාපරිමාණ හොරකම් වන්චා, දූෂණ නාස්තිය කරලා රටම විනාශ කරන කොට බකන්නිලාගෙන හිටපු වහලුන්ට දැන් තමා ඇස් ඇරිලා තියෙන්නේ...?
වසර 76ක් තිස්සේ රටකාපු තක්කඩි හැතිකරෙගේ ඉඳුල් කාලා, මෙතන උදේ-හවස වැළලෙන එවුන් හිතං ඉන්නෙ, ආයෝජන කියලා කියන්නෙ කුලියාපිටියේ වෝක්ස් වැගන් ෆැක්ටරි දානවා වගේ වැඩ විතරමයි කියලා.