
(විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතු භාණ්ඩ තොගයක් අස්ථාන ගතවීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකය අද(08) කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය ඉදිරියේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.
එම අස්ථානගතවූ භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් මිලියන 162 ක් බවත් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් යොමු කළ නිර්නාමික ලිපියක් පොලිස්පතිවරයාට යොමු කිරීමෙන් අනතුරුව විමර්ශන ආරම්භ කළ බවත් පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකය පැවැසුවේය.
අස්ථානගත වීම සම්බන්ධයෙන් ප්‍රසම්පාදන අංශය බාර ගණකාධිකාරී සිසිර කුමාර මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවත් අස්ථානගතවූ භාණ්ඩ භාරගත් අයගෙන් ඉදිරියේ ප්‍රකාශ සටහන් කරගන්නා බවත් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකය ප්‍රකාශ කළේය.
එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය ඒකකය සතු භාණ්ඩ අස්ථානගත වීම සම්බන්ධයෙන් වහාම විමර්ශනය කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය පොලිස් මූල්‍ය විශේෂ විමර්ශන ඒකකයට නියෝග කළාය.
විමර්ශනය සදහා නියෝග අවශ්‍ය නම් මෝසමක් හරහා ඉල්ලා සිටින ලෙස නියෝග කළ මහේස්ත්‍රාත්වරිය විමර්ශන සිදු කර අධිකරණයට වාර්තා කරන ලෙසටද නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපති කාර්යාලයේ මාධ්‍ය ඒකකයේ බඩු නැති වීම ගැන විමර්ශණයක්
Damith Wednesday, 08 January 2025 05:42 PM
ඔය අහුවෙන්නේ හොරු...!
ගුණරත්න Wednesday, 08 January 2025 08:15 PM
මේ මොන හොරුද? බඩු භාරගන්නේ ලිපියක් අස්සන් කරලා, ඉතින් මේවා දුන්නේ කාටද කියන එක අදාළ අංශ දන්නවා, ඒවා නිසියාකාරව බාරදුන්නේ නැතිකම තමයි අර්බුදය. එත් මේවා නොවේ අපි කියන්නේ, මහා පරිමාණ හොරු අල්ලන්නේ කවද්ද? බදු වංචා කර රුපියන් මිලියන දසදහස් ගණන් වංචා කළ හොරු කවද්ද අල්ලන්නේ...?
Surain Thursday, 09 January 2025 12:29 PM
අපි සුද්දවන්තයන්ගේ කණ්ඩායම කියා කියා ගන්නා හොරකමටම උපාධිත් තියෙන හොරුද?