
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පසුගිය රජයන් පත්කළ ජනාධිපති කොමිෂන් සභා දාහතරකට රුපියල් කෝටි 53 කට වැඩි මුදලක් ( ලක්ෂ 5301ක්) වැය කර ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එහෙත් මෙම කොමිෂන් 14න් නිර්දේශ ක්‍රියාත්මක කර ඇත්තේ පසුගිය අරගල සමයේදී මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසේ දේපළ හානි වීම් පිළිබඳව සෙවූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව පමණක් බවද ඔහු සඳහන් කළේය.
මේ අතර හිටපු ජනාධිපතිවරුන් රැක බලා ගැනීමට 2024 දී පමණක් රුපියල් කෝටි 11 කට වැඩි මුදලක් වැය කර ඇතැයිකී ජයතිස්ස මහතා රනිල් වික්‍රමසිංහ සහ ගෝඨාභය රාජපක්ෂ කාලයේ ආණ්ඩු පක්ෂ සංවිධායකවරුන් හය දෙනාට කෝටි 37 කට වැඩි මුදලක් වැය කර ඇතැයිද සඳහන් කළේය.
ජයතිස්ස මහතා මෙසේ පැවසුවේ ජනාධිපති, අගමැති උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන් ඇතුළු ආයතන සහ පුද්ගලයන්ගේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදීය.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජනපති කොමිසන්වලට ලක්ෂ 5301ක් වැය කරලා
ප්‍රියන්ත Friday, 28 February 2025 06:44 AM
මෙන්න නියම පාතාලේ.
අරවින්ද මොණරවිල Friday, 28 February 2025 06:58 AM
අපි නොකා නොබී හරි ආණ්ඩුවට බදු ගෙවනවානේ, උන්ට තිබුණේ එවා හොරකම් කරන්න නාස්ති කරන්න විතරයි කියලයි උන් හිතාගෙන ඉන්න ඇත්තේ.
Jamal Friday, 28 February 2025 07:31 AM
කයියෝ කියන්නේ නිකන්ද? කියනවා විතරයි.
chandima Friday, 28 February 2025 07:43 AM
අසූචි කාපු බල්ලෝ අසූචි වටේම කැරකෙනවා.
pj Friday, 28 February 2025 08:36 AM
මෙම අනවශ්‍ය වියදම් දේපල හානි පිටුපස සිටි අයගෙන් අයවිය යුතුමය...
ටාරා Friday, 28 February 2025 09:59 AM
දැන් මොකක් ද අපි කරන්න ඕනේ...?
අරවින්ද මොණරවිල Friday, 28 February 2025 02:33 PM
ආයෙත් සැරයක් වික්‍රමසිංහලා රාජපක්ෂලා බැරි නම් ප්‍රේමදාස කෙනෙක් හරි බලයට ගෙන එන්න මහන්සි වෙන්න. එතකොට රට බංකොලොත් කරලා නවතින එකක් නැහැ. ට්‍රම්ප්ට, ෂිං ජින් පෙන්ට, මෝදිට බැරි වුනොත් කලිඩා ෂියාට හරි රට විකුණයි.
SB Friday, 28 February 2025 10:22 AM
සියලුම මූල්‍ය වංචා සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුය
පිටරටවැසියා Friday, 28 February 2025 11:26 AM
රටේ ජනතාවගෙ බදුමුදල් වලින් අනන්තවත් කොමිෂන්... හැබැයි, රටට, ජනතාවට වෙච්චි සෙතක්නම් නෑ. මහ බැංකු වංචාවටත් කොමිසමක් දැම්මා. හිටපු අධිපති හොරා කොමිසමට ඇවිල්ලා, කිසිම දෙයක් කියන්නේ නෑ කියලා ගොං පාට් එකකුත් දාලා සිංගප්පූරුවේ මගුල් ගෙදර ගියා. අරගල හානි වන්දි පූර්ණය නම් ඉතා ඉක්මණින් සහ තක්සේරු මුදලටත් වඩා වෙලා තියෙනවා. ඒ මදිවාට රටේ අතලොස්සක් මෙතැන වැළලෙන ගමන්, රට කාපු හැත්තට තාමත් රෙදි නැතිව කඩේ යනවා.
Rata Perata Friday, 28 February 2025 12:05 PM
සූත්තර පුංචා රට නැති කරලාම ගිහිල්ලා වගේ...
රම්බොඩ Friday, 28 February 2025 01:59 PM
මේවාට එකවරම කුපිත නොවිය යුතුයි. ඔවුනුත් මොවුනුත් කරන්නේ එකම දේශපාලනය. පරණ කුණු ඇද ඇද සිටීමම තේරුමක් නැති වැඩක්. මොවුන් ඉන් බලාපොරොත්තු වන්නේ තම දුර්වලතා වසාගෙන තව තවත් කල් බලයේ සිටීමම විය හැකියි.
සෙනෙවිරත්න Friday, 28 February 2025 02:08 PM
මේවට දඬුවම් දෙන්න බැරි බව පේනවනේ මොකද ව්‍යව්‍යවස්ථාවෙන් හිමි බලතල, සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක් , පැන්ෂන් ගිහින් ඉන්න යාලුවන්ට සළකන්න දාපු කොමිෂන්,
දොන් සේතංFriday, 28 February 2025 02:38 PM
ඉතින් රත්තරනේ ව්‍යවස්ථාව වෙනස් කරලා දඬුවම් දීපල්ලකෝ. මොකද අපි එපා කියනවාද?