
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී අද (12) පස්වරුවේ පැවැත්විණ.
සිය ධුර කාලය අවසන් කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන එරික් වොල්ෂ් මහතාගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ජනාධිපතිවරයා මෙහිදී ඔහුට සුබ පැතීය.
කැනඩාව යනු ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් වාසය කරන රටක් බව සිහිපත් කළ ජනාධිපතිවරයා, ආර්ථික අර්බුදයට සාර්ථකව මුහුණ දීමට මෙන්ම, මෙරට මානව හිමිකම් ප්‍රවර්ධනයේදී සහ සංහිඳියා ක්‍රියාවලියේදී කැනඩාව ලබා දුන් සහාය අගය කළ අතර, තවදුරටත් එම සහාය ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා හැමෝටම දෙසන බනේ තමයි දැන් තියෙන්නේ දූෂණයෙන් තොර ආණ්ඩුවක් කියන එක. ඒත් මුල් මාස 10 ට වෙන කිසිම ආන්ඩුවකින් මේ තරම් දූෂණ වංචා වෙලා නෑ.
කැනඩාව යනු කොටින් විශාල පිරිසක් වෙසෙන රටක් සේ වෙනස් විය යුතුයැයි මට සිතුනත් ඔවුන් හා කරට අතදාගෙන දේශපලෙනය කරන අයට එහෙම නොසිතේ.
හරි යාළුයි නේද?