IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


ජාතික රෝහලෙන් බිළිඳු මළ සිරුරක් අස්ථානගත වෙලා

(  බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ  තැන්පත්  කරතිබූ  බිළිදු මළ සිරුරක් අස්ථානගතව ඇතැයි මරදාන පොලිසිය කියයි.

ඉකුත් අගෝස්තු මස 01   දෙමටගොඩ  පොලිස් වසමේ මාලිගාවත්ත දුම්රිය අංගනයේ නවතා තිබූ දුම්රියක වැසිකළියක් තුළ තිබි මෙම බිලිදු මළ සිරුර හමුවී තිබිණි.

ඒ සම්බන්ධයෙන් දෙමටගොඩ  පොලිසිය මගින් විමර්ශන සිදුකර මහේස්ත්‍රාත්වරයාගේ නියෝග මත කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ බිලිදු මළ සිරුර තැන්පත් කර තිබිණි.

එම දේහය සම්බන්ධයෙන් ඉකුත් මස 29 හා 31 වෙනි දිනයන් හි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දෙමටගොඩ  පොලිස් ස්ථානයේ නිලධාරීන් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට පැමිණ ළමා මෘත දේහය සම්බන්ධයෙන් විමසා ඇතිමුත් එම දේහය සොයාගැනීමට නොහැකි වී ඇත.

 

 

 



අදහස් (1)

ජාතික රෝහලෙන් බිළිඳු මළ සිරුරක් අස්ථානගත වෙලා

Pradeep Kumara Wednesday, 03 September 2025 09:26 AM

ඩී එන් ඒ පරීක්ෂාවකින් මව්පියන්ගේ තොරතුරු ලබා ගනීවි කියලා මළ සිරුර ගෙනියන්න ඇති. නමුත් රෝහල් මෘත ශරීරාගාරයකින් මළ සිරුරක් පන්නනවා කියන්නේ ඔවුන් සාමාන්‍ය පුරවැසියන් නොවනවා වෙන්නත් ඇති. අනික අගෝ. 1 සොයා ගත් මළ සිරුරේ මරණ පරීක්ෂණය කරන්න හදන්නේ අගෝ. 29. එච්චරටම කාර්යක්ෂමයි අපේ රාජ්‍ය සේවය.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 81 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2020 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1562 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site