IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ජාතික ක්‍රීඩා උළෙල අදියර පහකින් පැවැත්වෙයි

(අංජුල මහික වීරරත්න)

මෙවර ජාතික ක්‍රීඩා උළෙල අදියර පහක් යටතේ පවත්වන බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසීය.

ජාතික ක්‍රීඩා උළෙලේ පළමු කාණ්ඩය ජූලි 17 සිට ජූලි 20 දක්වා ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක මූලික කර ගනිමින් ක්‍රීඩා ඉසව් 07 ක් පැවැත්වීමට නියමිත ය.  දෙවන අදියරය වශයෙන් ජූලි 25 සිට 28 දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ දී මල්ලවපොර, වුෂු (wushu), ටයිකොන්ඩෝ, බර ඉසිලීම ආදී තරඟ පැවැත් වේ.

පිහිනුම්, ජූඩෝ, රග්බි 07 , ජිම්නාස්ටික්, ක්‍රිකට්, බැට්මින්ටන් ආදී තරඟ තෙවන අදියර යටතේ අගෝස්තු 01 සිට අගෝස්තු 03 දා දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ දී පැවැත්වීමට නියමිත වේ.

අගෝස්තු 13 සිට 17 දක්වා චෙස්, අත්පන්දු,කැරම්, එල්ලේ, කරාටේ, වෙරළ කබඩි ආදී තරඟ  හතරවන අදියර යටතේ පවත්වනු ලබන අතර, අගෝස්තු 15 සිට අගෝස්තු 31 දක්වා පැසිපන්දු ( basketball ), බොක්සිං, bodybuilding, පාපන්දු, කබඩි, Beach volleyball යන තරඟාවලි ගණනාවක් පස්වන අදියර යටතේ ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. 

අගෝස්තු 29 දින ක්‍රීඩා උළෙල විවෘත කිරීමේ උත්සවය ආරම්භ කරන අතර ජාතික මහා ක්‍රීඩා උළෙලේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් සඳහා ත්‍යාග සහ සහතිකපත් ලබා දීම සිදු කෙරේ. ඒ අනුව, අගෝස්තු 31 දින ජාතික මහා ක්‍රීඩා උළෙල නිමාවට පත් කිරීමට නියමිතය.

ක්‍රීඩා  හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා මේ බව කීවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම මාධ්‍ය හමුවේ දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, තරග පැවැත්වෙන සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම සහ දිස්ත්‍රික් තරඟ පැවැත්වෙන සෑම දිස්ත්‍රික්කයකටම තරඟ සංවිධාන කටයුතු සඳහා රුපියල් 1,00000 බැගින් ද, පළාත් තරඟ සංවිධාන කටයුතු සඳහා 5,00000 බැගින් ද මෙවර ලබා දෙන බවයි. 

එමෙන්ම ජාතික මහා ක්‍රීඩා උළෙලට සහභාගී වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකවන්ට ආහාර සහ නවාතැන් සඳහා දීමනාවක් ලබා දීමට ද කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසුවේ ය. ඉදිරි වර්ෂයේ දී එම දීමනාවන් වැඩි කිරීමට ද බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. 



අදහස් (0)

ජාතික ක්‍රීඩා උළෙල අදියර පහකින් පැවැත්වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 806 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 467 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site