IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


චාමරට ගෙදර කෑම දෙනවාද? තීරණය මේ සතියේ

(සුජිත් හේවාජුලිගේ)

හිටපු රාජ්‍ය අමාත්‍ය  නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ බදුලු  දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට  නිවෙසින් කෑම ගෙන ඒමට අවසර දෙනවා දැයි මේ සතියේදී තීරණය කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී අදහස් දැක්වූ බන්ධනාගාර කොමසාරිස් ගාමිණි දිසානායක  මහතා පැවසුවේ  කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ අධිකාරීවරයා නිවාඩු ගොස් සිටින හෙයින් ඔහු පැමිණි පසු එම ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බලනු ඇති බවයි.

චාමර සම්පත් දසනායක මහතා රඳවා සිටින්නේ එම බන්ධනාගාරයේ එම්  වාට්ටුවේය.හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියලේන්දිරන් මහතා රඳවා සිටින්නේද එම වාට්ටුවේ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි

සාමාන්‍යයෙන් රිමාන්ඩ්  බන්ධනාගාරගත කෙරෙන රැඳවියන්ට දෙන පහසුකම් චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයාටද ලබා දී ඇතැයි පැවසේ.

ඒ අනුව පැදුරක්, කොට්ටයක්, පිඟානක් සහ කෝප්පයක් මන්ත්‍රීවරයාට ලබා දී ඇත.

මේ අතර මහනුවර දුම්බර බන්ධනාගාරයේ රඳවනු ලැබ සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ගෙදරින්  කෑම ගෙන ඒමට  බන්ධනාගාර ප්‍රධානීහු  පසුගියදා අවසර දුන්හ.



අදහස් (3)

චාමරට ගෙදර කෑම දෙනවාද? තීරණය මේ සතියේ

පොඩිඑකා Tuesday, 01 April 2025 03:56 PM

ඇයි අනේ, අර සමහර මරණීය දණ්ඩනය නියම වෙච්චි අයට වගේ, ප්‍රයිවෙට් ටොයිලට් එකක්, මෝබයිල් ෆෝන් කීපයක්, ටෙලිවිෂන් එකක් යනාදිය ලැබෙන්නෙ නැද්ද?

:       0       8

Ajith Tuesday, 01 April 2025 04:30 PM

මෙතුමාට ගෙදර කෑම දෙන්ඩ හොඳ නැති එක වෙනම කතාවක්.නමුත් බන්ධනාගාර අධිකාරීවරයා නිවාඩු ගියා කියලා තීරණය ලැබෙන්ට පරක්කු වෙන්නේ කොහොමද.රජයේ නිලධාරියෙක් නිමාඩු යන්නේ වැඩ බලන්න වෙනම නිලධාරිය පත් කරලා.එම තීරණය වැඩ බලන නිලධාරියා ගත යුතුයි

:       0       9

Dasa P Wednesday, 02 April 2025 12:05 AM

ඇඟ පත දැක්කම මට මෙසේ හිතුණි. හිර ගෙදර කෑම ශරීර සෞඛ්‍යට හිතකරයි. ඕක වෙස් වලා ගත් ආශිර්වාදයක් වෙන්න බැරිද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 708 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site