IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


චීනයේ සතුටුම නගරයට ජනපති යයි

(අංජුල මහික වීරරත්න)

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ සිචුවාන් පළාතේ ලේකම් වං ෂියාඕහ්වෙයි (Wang Xiaohui) මහතා අතර හමුව අද (17) පෙරවරුවේ සිදුවිය.

සිය ඓතිහාසික සංස්කෘතික උරුමය රැක ගනිමින් සංවර්ධනයෙහි අරුණැල්ලෙන් පිබිදෙන සිචුවාන් පළාතේ චන්දු නගරය චීනයේ සතුටින්ම සිටින ජනතාව ජීවත්වන නගරයක් ලෙස ප්‍රමුඛස්ථානයක් ගෙන තිබේ.

ආර්ථික සංවර්ධනය අතින් ද සෑමවිටම පෙරමුණේ සිටින සිචුවාන් පළාත සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික, වෙළෙඳ, සංස්කෘතික සහ සංචාරක මෙන්ම අන්තර් රාජ්‍ය සබඳතා ශක්තිමත් කර ගනිමින් නව තලයකට ඔසවා තැබීම පිළිබඳ මෙම හමුවේ දී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

චීන සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව හොඳ ගමනාන්තයක් බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විශිෂ්ට ආගන්තුක සත්කාර සහිත ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට සිචුවාන් ජනතාවට ආරාධනා කරන බවද පැවසීය. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (6)

චීනයේ සතුටුම නගරයට ජනපති යයි

Gavin Friday, 17 January 2025 01:23 PM

චීනයේ රෙකෝඩ් කරගන්න කියලා බොරු පුම්බන අය ජීවත්වෙන පළාතක් නැද්ද?

:       59       98

අරවින්ද මොනරවිල Friday, 17 January 2025 02:21 PM

රාජපක්ෂලා වික්‍රමසිංහලා හා ප්‍රේමදාසලා වගේද?

:       52       25

karolis Friday, 17 January 2025 02:53 PM

සංස්කෘතික උරුමය රැක ගනිමින් පිබිදෙන චීනයේ සතුටුම චන්ද්‍ර නගරයට ගියපු අපේ මහා චේතිය නම් ආපු ගමන් කලේ ජයමංගල ගාථා ටික අහෝසි කරලා දාපු එක... අම්මපා මොනරවිල ඔහේ සට්ටැඹිකම රස්සාවටද කරන්නේ?

:       16       69

ලසා Friday, 17 January 2025 03:36 PM

අර බස් බෙදපු හාදයකු මේ වගේ රටවල නගර සභා අපේ නගර සභා ප්‍රාදේශීය සභා එක්ක මොකක්ද මන්දා සම්බන්ධ කරනවා කිව්වේ මේ වගේ වෙන්න බැරිද..?

:       30       11

රම්බොඩ Friday, 17 January 2025 04:21 PM

පෝට්සිට් එක එහෙම විවේචනය කළ හැකියි, ලංකාව චීන බලපෑම් යටතට ගන්න හැටි කට උල්කර කර ඒ දවස්වල කියපුවා කට්ටිය කාටත් මතක නෑ වගේ. මොකද බොහෝ මාලිමා සරණ ගිය අය එහි අසූචිද සුවඳ කොට දකී. එවන් අන්තවාද වල කිසිවෙකුත් සිටිය යුතු නැත. මොන දේශපාලකයාත් ඒ හැටි විශ්වාස නොකොට රට ගැනම සිතීමයි සාමාන්‍ය ජනතාව කළ යුත්තේ...!

:       7       42

Ganesh Saturday, 18 January 2025 12:22 AM

වසරේ හොඳම හෝදන්නෝ අතරට අරවින්ද, සෙනවිරත්න සහ බද්‍රානි තේරීපත් වී ඇත .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site