
(විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ස්ථාවර නායකත්වය සහ ජාත්‍යන්තර ප්‍රජාවගේ සාමූහික සහයෝගය යටතේ ආපදා තත්වයෙන් ගොඩඒමස සඳහා ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා එක්ව සහයෝගයෙන් කටයුතු කරනු ඇතැයි චීනය විශ්වාස කරන බව මෙරට චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එහිදී දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නායයෑම් වලින් විනාශ වූ නිවාස නුදුරු අනාගතයේදී ඉතාමත් ඉක්මණින් නැවත ගොඩනගා ගැනීමට හැකියාව ඇතැයි චීනය විශ්වාස කරන බව තානාපති කාර්යාලය පැවැසුවේය.
දැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර සහ නාය යෑම් හේතුවෙන් මෙරටට විශාල ජීවිත හා දේපළ හානියක් සිදුව තිබෙන බව චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
ආපදා සහන සැපයීමේ ක්‍රියාවලියට සහාය ලබාදීමට චීන රතු කුරුස සංවිධානය ඇමෙරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් ලබාදී ඇති බවත් චීනයේ සහාය මේ වනවිට ශ්‍රී ලංකාවට ළඟා වෙමින් පවතින බවත් තානාපති කාර්යාලය සඳහන් කළේය.
චීන වාණිජ මණ්ඩලය සහ විදේශයන්හි සිටින චීන ජාතිකයන්ගේ සංගමය පීඩාවට පත් ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීම සඳහා ආධාර එකතු කිරීමේ මුල පිරීමක් ආරම්භ කර ඇති බවත් එම මුලපිරීම මේ වනවිට රුපියල් කෝටියකට වැඩි මුදලක් එකතු කර ඇති බවත් චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 04
142
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
363
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
375
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීනයේ විශ්වාසය
Nishan Tuesday, 02 December 2025 03:42 AM
චීනාට කොකා පෙන්නන්න ගිහින් චීනාව තරහා කරගෙන. අන්තිමට ජූලි නෝනත් නෑ චීනත් නෑ. ඉන්දියාවත් ලාවට වැඩේ කරලා ෂේප් උනා.
ගයාන්Tuesday, 02 December 2025 11:31 AM
තමන්ගේ දේශපාලන කුහක කම ප්‍රදර්ශනය කරන්න එපා බන්, තමන් කැමති පාලකය බලයට පත්වෙන්නේ නැත්‍නම් උපන් රටට විපතක්, විනාශයක වෙනකම් බලන් ඉන්න මිනිස් වෙසින් ඉන්න අමන රැලක්. නුබවැන්නන් මොනදේ කීවත්, යහපත් නිර්පාක්ශික මිනිසුන් මේ ලක්දිව මත සිටිනා තාක් කල් මජර, කුහක, වංචාව සොරකම එකම අරමුණ කරගත් පාපී පාලනයක් මේ ලක්දිව මත බිහි නොවේ. මහේ රටට ජය වේවා.