IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


චැතම් පාරේ ආණ්ඩුවේ ඉඩමක් බදු දෙන්න කෙනෙක් හොයයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ කොටුව, වැතම් වීදියේ ඉඩම් කොටසක් 99 අවුරුදු බදු පදනම මත බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .

කොළඹ කොටුව, වැතම් වීදියෙහි පිහිටි නාගරික සංවර්ධන අධිකාරිය සතු රූඩ් 02 පර්චස් 14.7 ක ඉඩම් කොටසක් 99 අවුරුදු බදු පදනම මත මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා 2024 වර්ෂයේදී ආයෝජන යෝජනා කැඳවීමට කටයුතු කරනු ලැබ ඇතත්, ඒ සඳහා කිසිදු ආයෝජකයෙකු ඉදිරිපත්ව නොමැත.

එබැවින්, ප්‍රශස්ත භාවිතයක් මඟින් මෙරට ආර්ථික සංවර්ධනය සඳහා දායකත්වයක් ලබා දීමේ අරමුණින් එකී ඉඩම් කොටස සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයන් වෙතින් නැවත සංවර්ධන යෝජනා කැඳවීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කර ඇත.

ඒ අනුව, එකී ඉඩම් කොටස, රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව මත පදනම්ව, මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා වසර 99 ක කාලයකට බදු පදනමින් ලබා දීමට හැකි වන පරිදි රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ අනුගමනය කරමින් ආයෝජන යෝජනා කැඳවීම පිණිස ප්‍රවාහය, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

චැතම් පාරේ ආණ්ඩුවේ ඉඩමක් බදු දෙන්න කෙනෙක් හොයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site