IMG-LOGO

ගෘහස්ථ නොවන විදේශ රැකියා ලියාපදිංචියට නව නීතියක්

(අංජුල මහික වීරරත්න)

ගෘහස්ථ නොවන රැකියා සඳහා (Non Domestic Sector) ස්වයං මාර්ගයෙන් විදේශ ගතවීමේදී ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීමට පෙර එම රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් සහතික කිරීම අනිවාර්ය කිරීමට කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තීරණය කර ඇති බව කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා පැවසීය.

ගෘහස්ථ නොවන රැකියා සඳහා විදේශ ගතවීමේදී ශ්‍රමිකයින් මුහුණ දෙන ගැටළු පිළිබඳව කරුණු සොයාබැලීමෙන් අනතුරුව මෙම පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා දූත මණ්ඩල නොමැති රටවල රැකියා සඳහා අදාළ රැකියා ගිවිසුම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලය, ගුවන් තොටුපොල ඒකකය හෝ දිස්ත්‍රික් කාර්යාල මගින් අනුමත කරගත යුතු බවද කාර්යාංශය සඳහන් කරයි. 

ඒ අනුව 2025 ජූනි 07 දින සිට ගෘහස්ථ නොවන කාණ්ඩයේ සියළුම රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් (Self) විදේශ ගතවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා අදාළ රැකියා ගිවිසුම සහතික කිරීම අනිවාර්ය වන බව වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. මෙය කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා පූර්ව අවශ්‍යතාවයකි.



අදහස් (0)

ගෘහස්ථ නොවන විදේශ රැකියා ලියාපදිංචියට නව නීතියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1907 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 604 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 692 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site