
(රෝෂාන් රණසිංහ)
කුරුණෑගල ප්‍රදේශයේ ගල්ගමුව පාලුකඩවල වැවේ දිය නෑමට ගිය දැරියන් දෙදෙනකු ඊයේ (13) දහවල් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මිරිගම දාසය පවුව ප්‍රදේශයේ පදිංචි එල්.ජී. මිනුලි අමන්සා නමැති 12 හැවිරිදි දියණියක සහ රත්නපුර ගොළුවාවිල ප්‍රදේශයේ පදිංචි එල්.ජී. චසුනි විමන්සා නමැති 17 හැවිදිරි දියණියක බව පොලිසිය සඳහන් කරයි.
17 හැවිරිදි එල්.ජී. චසුනි විමන්සා මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිට ප්‍රතිඵල බලාපොරොන්තුවෙන් සිටි දැරියක බව පොලිසිය කියයි.
මියගිය දැරියන් දෙදෙනා ඥාති සහෝදරියන් දෙදෙනකු බවත් මියගිය දැරියන් දෙදෙනා සිය ඥාතීන් සමග ගල්ගමුවේ ඥාති නිවෙසකට ගොස් එහි පිරිසක් සමග දියනෑමට ගිය අවස්ථාවේ මෙම ඛේදවාචකයට මුහුණ පා ඇතැයි ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දළදාව විකුණන් කාපු කාලකන්නි සාපෙ මුළු රටටම වැදිලා...