
(ගයාන් සූරිය ආරච්චි සහ බිමල් ශ්‍යාමන් )
ගල්කිස්ස සෙම්බලන්කොටුව ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කළ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මියගොස් ඇති බව ගල්කිස්ස පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ ගල්කිස්ස වටරප්පල ප්‍රදේශයේ පදිංචි 39 සහ 20 හැවිදි පුද්ගලයන් දෙදෙනෙකි.
යතුරු පැදියකින් පැමිණි වෙඩික්කරුවන් කළ වැඩිතැබීමෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් තිබූ අතර අනිත් පුද්ගලයා කළු බෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව පොලිසිය පවසයි.
මියගිය පුද්ගලයන් දෙදෙනා තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් දෙදෙනෙකු බව පොලිසිය පවසයි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගල්කිස්ස පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ණයට කුඩු බීලා මුදල් නොගෙව්වොත් මරණීය දණ්ඩනය
ක්ලීන් ශ්‍රී ලංකා