
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ දිලන්ගා ගෝමස් )
ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ විදේශගතව සැඟව සිටින මහා පරිමාණ මධ්‍ය ජාවාරම්කරුවක බඩෝවිට අසංක නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරම එරට සිට සිදුකරන සැන්ඩෝ නැමැත්තාගේ ගෝලයන් දෙදෙනකු බව පොලිසිය කියයි.
එම සැකකරුවන් දෙදෙනා එදින රැඳී සිටි තීරෝද රථයද පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් පස්වෙනි දින සුදු කළ එම වෙඩි තැබීමෙන් මිය ගොස් තිබුනේ ගල්කිස්ස නගර සභාවේ ඝන අපද්‍රව්‍ය අංශයේ කම්කරුවකු ලෙස කොන්ත්‍රාත් පදනම මත රැකියාව කරන දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචිව සිටි ප්‍රවීන් නිසංක වයසඅවුරුදු 19 ක තරුණයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd