
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ව්‍යාපාරිකයකුගේ ගැබිණි බිරිඳ සහ මව මෝටර් රථයේ සිටියදී එය පැහැරගෙන යමින් සිටි කොල්ලකරුවකු පසුපස හඹා ගිය පොලිසිය මෝටර් රථයට වෙඩි තබා මෝටර් රථය බේරාගෙන ඇතත් සැකකරු පලා ගොස් ඇතැයි කොටහේන පොලිසිය කියයි.
කොළඹ 3 වේල්ලවීදිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ඔහුට අයත් මෝටර් රථයෙන්ම ඔහුගේ බිරිඳ සහ මව සමග කොටහෙන වීදියේ වාසල පාර පිහිටි හෝටලයක් වෙතට පැමිණ බිරිඳ සහ මව මෝටර් රථය තුළ සිටියදී ඔහු හෝටලය තුළට ගොස් ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේදී නාඳුනන පුද්ගලයකු මෝටර් රථයේ මෝටර් රථය රැගෙන පලා ගොස් ඇත.
මෙම සිදුවීම වන අවස්ථාවේදී ඒ අසල විමර්ශනයක් සඳහා මට්ටක්කුලිය පොලිස් ස්ථානයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂක පුෂ්ප කුමාර නිලධාරියා ඇතුළු කණ්ඩායමක් එම පොලිස් ස්ථානයට අනියුක්ත කැබ්රතයකින් පැමිණ සිට ඇති අතර නිලධාරීන් එම කාර් රථය නැවතීම සඳහා සංඥා කළ ද මෝටර් රථය කොල්ල කෑ පුද්ගලයා ඊට අවනත නොවී රැගෙන පලා යන අවස්ථාවේදී උප පොලිස් පරීක්ෂකවරයා ඔහුගේ රාජකාරී ගිනි අවියෙන් වෙඩි වාර දෙකක් මෝටර් රථය දෙසට තබා ඇතැයි පොලිසිය කියයි.
ඒ සමඟම පොලිස් නිලධාරින් පලායන මෝටර් රථයේ පසුපස හඹා යාමේදී කොටහේන බ්ලූ මැන්ඩල් රේල් පාර අසලදී මෝටර් රථය නවතා ඇති කොල්ලකරු මෝටර් රථයෙන් පැන පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.
වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැත.
2025 නොවැම්බර් මස 04
743
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගැබිණියක - මවක සමග මෝටර් රථයක් පැහැර ගන්න හදලා
sugath Sunday, 13 April 2025 03:28 PM
වාහනය නවත්වා බැස යනවිට වාහනේ යතුර ගෙනියන්ට අමතක නොකළ යුතුයි. අද සිදුවන වාහන හොරකම් බොහෝමයකට මුල, රියැදුරන්ගේ නොසැලකිල්ලයි...
Perakum Sunday, 13 April 2025 03:35 PM
මෝඩකමට ඔහොමවෙලා මදි....