
(විමුක්ති එස් රුද්‍රිගු)
ඩෙල්ෆ් දූපත ආසන්නයේ නීති විරෝධීව මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයන් 13 දෙනකු ශ්‍රී ලංකා නාවික හමුදාව අත් අඩංගුවට ගැනීමට යෑමේදී වෙඩි තැබීමක් සිදුවී තිබෙන බවත් එම සිදුවීම සම්බන්ධයෙන් නව දිල්ලියේ වැඩබලන ශ්‍රී ලංකා මහා කොමසාරිස් ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මිය ගෙන්වා ඉන්දීය රජය දැඩි විරෝධය ප්‍රකාශ කර තිබෙන බවත් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය අද නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
එසේම මෙරට ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලයද මෙම සිදුවීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයේ අවධානය යොමුකර ඇතැයි එම නිවේදනයේ දැක්වේ.
කුමන තත්ත්වයක් යටතේ වුවද බලය යෙදවීම පිළිගත නොහැකි බවත් ඉන්දීය ධීවරයන්ගේ ජීවනෝපාය බැවින් ඒ පිළිබඳ කටයුතු කිරීමේදී මානුෂීයව කටයුතු කරන ලෙස ඉන්දීය රජය මීට පෙරද ශ්‍රී ලංකා රජයට දන්වා තිබෙන බවත් ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
ඉන්දීය ධීවරයන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී දෙරටේ රාජ්‍යයන් අතර ඇතිකර ගෙන තිබෙන අවබෝධය දැඩිව අනුගමනය කළ යුතු බවද ඉන්දීය මහා කොමසාරිස් කාර්යාලය පැවැසුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මත්ස්‍ය සම්පත සොරාගන්නට එන ඔවුනට විතරයි මානුෂීය නීතිය. මොකක්ද වුනේ කියලා බලලා එතැන වරදක් සිදුවෙලා තියෙනවා නම් ඊට අදාල නීතිය ක්‍රියාත්මක කරනවා මිස මේක උඩදාගෙන ඉන්දියාවට බයිලා ගහන්න දෙන්න අවශ්‍ය නැහැ.
උදව් කරාට ඉන්දියාව කියන්නෙ සර්පයෙක්..
තමන්ගේ මිනිසුන් ට රටවල්වල මායිම් පණින්නෙ නැතිව ඉන්න කියලා උපදෙස් දුන්න නම් දුක්වෙනවට වඩා හොඳයි.
යකෝ මාර කෙලියක්නෙ. උන්ගෙ රටේ උන්ට කිව්වනම් ඉවරනෙ අනුන්ගෙ රටේ දේවල් හොරාකන්නෙ නැතුව හිටියනම් වෙඩි කන්න වෙන්නෙ නෑ කියල
අපි ඉන්දියාවෙි යටත් විජිතයක්ද? හොරකන් කරන් යනකන් බලන් ඉන්න. කෝහෙද ඔය අවබෝධතාවය ලියල තියේන්නේ. අපිටත් කියවන්න දෙන්න
නියම වැඩක් අපේ මත්ස්‍ය සම්පත කොල්ල කන එවුන්ට වෙඩි තියන්නම ඕනා නැත්නම් මේ ප්‍රශ්නේ රාජ්‍ය ත්‍රාන්තික මට්ටමෙන් විසදනවා කියන්නේ ඉන්දියන් ධීවරයන්ට අපේ මත්ස්‍ය සම්පත කොල්ලකන්න ප්‍රමිට් එකක් දෙනවා වගේ වැඩක් තමා ඉන්දියාවට ඕන විදිහට මේ රටවල් පාලනය කරන්න දෙන්න බෑ
මොකක්ද අවබෝධය? ඔවුන්ගේ රට දියුණු කිරීමට අපේ සම්පත් කොල්ලකන එකද?
ඔය කියන තරම් විශාල අවභෝදයක් තිබෙනවා නම් පුළුවන් දෙරටේම නාවික හමුදාවලට එකතුවෙලා මුහුදුසිමවේ කිලෝමිටරේක පමණ පළල් ධිවර මුක්ත කලාපයක් ඇතිකර දෙරටම එකතුවෙලා මුර සංචාරක යාත්‍රා යොදාගෙන පාලනය කරන්න , මුහුද ගැඹුරු නොමැති නිසා බෝයා යොදාගන්නත් පුළුවන් , එහෙම කලහම හොර ජාවාරම් කරන ඒවත් නතර වෙනවා ,