
(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල පත්ත කඩේ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට රුපියල් ලක්ෂ හැටකට අලවි කිරීමට ළඟ තබාගෙන තිබූ ග්‍රෑම් 17කට වැඩි බරකින් යුතු ගජ මුතුදෙකක් සමග සැකකරුවෙකු බේරුවලදී අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.
අගුණ කොළ පැලැස්සේ පදිංචි හැවිරිදි සැකකරු මෙම වටිනා ගජමුතු දෙක අලෙවි කිරීමට පෙර ගිවිසගෙන පැමිණ ඇති අතර යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත බේරුවල පොලිසිය මෙම වැටලීම සිදුකර සැකකරු සමග නඩු භාණ්ඩ අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසියේ උසස් නිලධාරියකුු පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු (30) දින කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත බේරුවල පොලිස් ස්ථානාධිපති එම්.ආර්. නව රත්න යන මහත්වරුන්ගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන, ඇතුළු කණ්ඩායමත් සැකකරුවත් අඩංගුවට ගෙනන තිබේ.
2025 දෙසැම්බර් මස 30
56
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
719
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
342
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ගජ මුතු 02ක් සමග අයෙකු අත්අඩංගුවට