(සිතු
ම් චතුරංග)
කිලිනොච්චිය , ගනේෂපුරම් ප්‍රදේශයේ ජලය සහිත ඇළ මාර්ගයක තිබී කෘෂිකර්ම සංවර්ධන නිලධාරියකුගේ සිරුරක් අද (25) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ කිලිනොච්චිය , ජයන්තිනගර් හි පදිංචි සෝමු ගනේෂමූර්ති නැමති 36 හැවිරිදි තිදරු පියෙකු බව සඳහන් කළේය.
කිලිනොච්චිය නගරයේ සිට පෙරේදා රාත්‍රියේ නිවස බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී මියගිය පුද්ගලයා ඇළමාර්ගයට වැටී ඇති බව පොලිසිය පැවසීය.
ප්‍රදේශවාසීන් විසින් ඇළ මාර්ගයේ වැටී තිබෙන යතුරු පැදියක් සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පරීක්ෂා කිරීමේදී සංවර්ධන නිලධාරියාගේ සිරුර සොයාගත් බව පොලිසිය පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd