
(නිමල කොඩිතුවක්කු)
නව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ සේවා නිළධාරියකු වන කේ. රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පත්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ තොරතුරු තාක්ෂණ කළමණාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධුරයේ දැනට සේවය කරනු ලබයි.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා එම තනතුරින් ඉවත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමීවීමෙන් එම ධුරය පුරප්පාඩු වී තිබේ.
ධම්මික ජයසුන්දර මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයේ විශේෂ ශ්‍රේණියේ සුදුසු තනතුරකට පත්කිරීමට හැකිවන පරිදි රාජ්‍ය පරිපාලන සහ පළාත් සභා සහ පලාත් පාලන අමාත්‍යාංශයට අනුයුක්ත කිරීමට නියමිත බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කැබිනට් මණ්ඩලයට සිදුකළ යෝජනාවක් මත මෙම පත්කිරීම සිදුකරනු ලැබීය.
2025 දෙසැම්බර් මස 04
740
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කේ.රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා නව දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයට
අරවින්ද මොණරවිල Tuesday, 12 August 2025 04:30 PM
දුම්රිය සේවය කාර්යක්ෂම හා ඵලදායී ලෙස පවත්වාගෙන යන්න ධෛර්යය ශක්තිය ලැබේවා...! හොඳින් වැඩ කෙරුවොත් ඇමැතිවරයාගේ උපරිම සහාය ලැබෙනු ඇත...
ගුණරත්න Tuesday, 12 August 2025 06:08 PM
ඔළුගෙඩි මාරු කරලා ඔය ආයතනය ලාබ ලබන තැනක් කරන්න බැහැ. ඕක තේරුම් යන කොට අශ්වයා පැනල ගිහින් තියේවි
අන්_ර Tuesday, 12 August 2025 07:25 PM
කම් කම් බූරු කිව්වම සිං සිං ක්ඥෝරූ කියල කියන්න ඕන හොඳේ.