
( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් අටක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු කඳාන දුම්රියපොල පාරේදී අද (11) දා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරැල්ල සහස්පුර පදිංචි 28 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.
සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශ රටකට පලා ගොස් සිටින අයකුට අයත් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත පුද්ගලයකු පිළිබඳව පොලිසියට තොරකුරක් ලැබී තිබිණි .
ඒ අනුව කඳාන දුම්රියපොළ පාර ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක් ඉදිරිපිටදී හදිසි මාර්ග බාධකයක් යොදා මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී එහි රියැදුරු සන්තකයේ තිබී අයිස් කිලෝ එකයි ග්‍රෑම් අටක් බහා තිබූ පාර්සල් පහක් භාරයට ගත් බව පැවසේ.
පසුව මෝටර් රථ රියැදුරු අත් අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය දැනට විදේශ රටකට පලාගොස් සැගව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුු වන මෝදර නිපුණ යන අයට අයත් මත්ද්‍රව්‍ය තොගයක් බවට තොරතුරු අනාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
747
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කෝටියක ‘අයිස්‘ සමඟ අයෙක් මාට්ටු
රුවන් Thursday, 13 February 2025 01:59 PM
ඔය හාල්මැස්සෝ වැඩක් නෑ. බොරු මෝරු ඉන්නවා තාම. දැන් බහුතරයක් පාර්ලිමේන්තුවේ නෑ. හැබැයි එකෙක්-දෙකෙක් ඉන්නවා...!