IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


කොළඹ සරසවි නව උපකුලපති මහාචාර්ය අයි.එම්. කරුණාතිලක

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා පත් කර තිබේ.

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (23) ජනාධිපති කාර්යාලයේදී මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා වෙත බාර දෙනු ලැබීය.

මහාචාර්ය අයි.එම් කරුණාතිලක මහතා වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන අතර කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයාය. 

ඔහු 2000 ජුනි මාසයේ සිට කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ සේවය කර ඇත. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයේ ඩන්ඩි විශ්වවිද්‍යාලයේ (University of Dundee) උපාධිධාරියෙකි. එසේම එක්සත් රාජධානියේ උසස් අධ්‍යාපන ඇකඩමියේ, සහ එඩින්බරෝහි රාජකීය වෛද්‍ය විද්‍යායතනයේ අධි සාමාජිකත්වයද  දරයි.

වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ විශේෂඥතාව වෙනුවෙන් මහාචාර්ය අයි.එම් කරුණාතිලක මහතා ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇත. ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO), ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව (ADB), ප්‍රජා සෞඛ්‍ය සඳහා වූ ආසියා පැසිෆික් අධ්‍යයන සම්මේලනය (APACPH) සහ අග්නිදිග කලාපීය වෛද්‍ය අධ්‍යාපනය පිළිබඳ සංගමය (SEARAME) වැනි ප්‍රමුඛ ජාත්‍යන්තර සංවිධාන සමඟ කටයුතු කිරීම තුළින් කලාපීය සහ ගෝලීය මට්ටමින් සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත.

ඒ මහතා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ (SLMA) ලේකම් ලෙසද සේවය කර තිබේ. ඔහු ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනඥයින්ගේ විද්‍යාලයේ (CME) ආරම්භක සභාපතිවරයා විය. විද්වත් වෘත්තිකයන්ගේ සංවිධානයේ (OPA) උප සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති මහාචාර්ය අයි.එම් කරුණාතිලක මහතා 2021දී ප්‍රජා සෞඛ්‍ය සඳහා වූ ආසියා පැසිෆික් අධ්‍යයන සම්මේලනයේ (APACPH)  මහලේකම්වරයා ලෙස නිතරගයෙන් තේරී පත් වූ අතර මෙම කීර්තිමත් තනතුර දැරූ පළමු ශ්‍රී ලාංකිකයාද වේ.

මහාචාර්ය අයි.එම්. කරුණාතිලක මහතා 1921 දී ලංකා විශ්වවිද්‍යාලය ලෙස ආරම්භ කරන ලද කොළඹ විශ්වවිද්‍යාලයේ 20 වන උපකුලපතිවරයා වේ.



අදහස් (1)

කොළඹ සරසවි නව උපකුලපති මහාචාර්ය අයි.එම්. කරුණාතිලක

ranjith Friday, 23 May 2025 08:02 PM

ඔය වගේම විශ්ව විද්‍යාලයේ ගෞරවය රැකගන්න ගැලපෙන කුලපති කෙනෙක් පත්කරන්න.

:       3       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 247 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 178 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 986 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site