IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා

(සුජිත් හේවාජුලිගේ)

කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙය රටේ ප්‍රධාන තීරණාත්මක ඡන්දයක් නොවීම, දේශපාලනය සහ මැතිවරණ ක්‍රමය ගැන ඇති සෘණාත්මක හැඟීම් සහ විවිධ කලකිරීම්, ගම්බිම් බලා යෑමට ප්‍රවාහන වියදම් දැරීමට නොහැකි වීම මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් ලොකු පිබිදීමක් හට නොනැගීම සහ ළඟ ළඟ ප්‍රධාන මැතිවරණ කිහිපයක් පැවැත්වීම ආදී විවිධ හේතු කාරණා මේ සඳහා බලපා තිබූ බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.

මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය නොකිරීම හේතුවෙන් මැතිවරණ උණුසුමක් ඇති නොවීමද ඡන්දය පිළිබඳ උද්යෝගය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වුණු බව නිරීක්ෂණ සංවිධාන පවසයි.

කොළඹ සහ ඒ අවට උපදේශවල රැඳී සිටිමින් විවිධ වෙළෙඳාම් හි නිරත ක වැඩි පිරිසක්ද දකුණු පළාතේ අය වෙති. මේ අයගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්ද ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැතැයි අප කළ විමසුමකදී තොරතුරු අනාවරණය විය.

 



අදහස් (10)

කොළඹ ලක්ෂ 10කට ඡන්දය එපා වෙලා

pakeer Saturday, 10 May 2025 09:45 AM

හුඟ දෙනෙක් ගියේ නැත්තේ ඡන්දය පුංචි නිසා.. සහ ඊට වඩා තමන් කරන රැකියාව වටිනා නිසා.. මම වුණත් ඡන්ද දුන්නේ නෑ. දන්න හුඟක් අය ඡන්දෙ දුන්නේ නෑ. මොකද වෙන්න ඕනෙ වැඩේ දැන් වෙලානේ තියෙන්නේ.

:       3       14

Jerald Saturday, 10 May 2025 09:50 AM

මතක තියාගන්න, ආණ්ඩුවේ හැසිරීම හැසිරීම දිගටම නරකනම් ඊළඟ ඡන්දෙදී මේ ලක්ෂ 10ත් අනිත් පැත්තට යන බව. ඒනිසා පච, උද්දච්ච වැඩ අඩු කරගත්තොත් හොඳයි.

:       7       14

The Three Idiots Saturday, 10 May 2025 10:25 AM

ප්‍රතිපත්ති ගැන සලකලා ඡන්දෙ දෙන මිනිස්සු ඡන්දේ දීලා, උළු කැටේට, ටකරමට ඡන්දෙ දෙන අය නොදා ඉන්නවා නම් රටේ අනාගතයට හොඳයි.

:       2       16

Anura Saturday, 10 May 2025 11:34 AM

මෙතැන විශාල ප්‍රමාණයක් නැති වුනේ ආණ්ඩුවේ ඡන්ද, ඕනෑවට වඩා එක ළඟ ඡන්ද තිබ්බාම මිනිසුන්ට ඒවා එපාවෙනවා...!

:       2       14

RS Saturday, 10 May 2025 11:51 AM

සතියේ මැද දවසක් වීමත් එක හේතුවක්.

:       3       16

Nilantha Saturday, 10 May 2025 12:36 PM

ප්‍රධාන පක්ෂවල යම් ශක්තියක් තියෙන එවුන්ලා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ හැටියට ඉස්සරහින් ඉන්න පක්ෂ හදාගෙන බෙදිලා ඉන්නවා. උදාහරණයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් වෙනවිට පුටුව, පොහොට්ටුව වගේ ලකුණු රාශියක් යටතේ තරග කළා. එජාපය අලියාගෙනුයි පැරැණිතම ෆෝන් එකෙනුයි ස්වාධීනවයි කොටස් බෙදිලා බල ලෝභීත්වයෙන් තරග කළා. මෙහෙම ඌරෝ රංචු තමන්ගේම එවුන් සමග කාකොටා ගන්නවා (කැකුන තලනවා) පැත්තක හිටපු හබන් කුකුල්ලු රජ මගුල් කනවා...

:       3       6

මාබංකුසිංහ Saturday, 10 May 2025 05:21 PM

ඌරෝ ජරාව කන්න ප්‍රසිද්ධයි.

:       4       8

රනේ Saturday, 10 May 2025 03:38 PM

ඔව් අනේ.. ඡන්දෙ දාන්න ගිය අයත් ගියාට දුන්නා මිසක් ලකුණ බැලුවේත් නෑ කම්මැලිකමට.

:       5       6

Gihan Sunday, 11 May 2025 12:39 AM

බලන්න හෝදන බලකායේ සිතනිවන කතාවල නිර්මාණශීලී බව...

:       0       1

සිල්වා Sunday, 11 May 2025 06:13 AM

ඡන්දය ඡන්ද දායකයින්ට ආකර්ෂණීය විය යුතුයි. සමහර ඡන්ද දායකයින් ඇඟිල්ලේ ජරාව ගානවාටත් අකැමැතියි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 186 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 507 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site