
(සුජිත් හේවාජුලිගේ)
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැතැයි දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙය රටේ ප්‍රධාන තීරණාත්මක ඡන්දයක් නොවීම, දේශපාලනය සහ මැතිවරණ ක්‍රමය ගැන ඇති සෘණාත්මක හැඟීම් සහ විවිධ කලකිරීම්, ගම්බිම් බලා යෑමට ප්‍රවාහන වියදම් දැරීමට නොහැකි වීම මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් ලොකු පිබිදීමක් හට නොනැගීම සහ ළඟ ළඟ ප්‍රධාන මැතිවරණ කිහිපයක් පැවැත්වීම ආදී විවිධ හේතු කාරණා මේ සඳහා බලපා තිබූ බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
මැතිවරණ ප්‍රචාරක ද්‍රව්‍ය ප්‍රදර්ශනය නොකිරීම හේතුවෙන් මැතිවරණ උණුසුමක් ඇති නොවීමද ඡන්දය පිළිබඳ උද්යෝගය අඩුවීමට ප්‍රධාන වශයෙන් හේතු වුණු බව නිරීක්ෂණ සංවිධාන පවසයි.
කොළඹ සහ ඒ අවට උපදේශවල රැඳී සිටිමින් විවිධ වෙළෙඳාම් හි නිරත ක වැඩි පිරිසක්ද දකුණු පළාතේ අය වෙති. මේ අයගෙන් සැලකිය යුතු ප්‍රමාණයක්ද ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැතැයි අප කළ විමසුමකදී තොරතුරු අනාවරණය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුඟ දෙනෙක් ගියේ නැත්තේ ඡන්දය පුංචි නිසා.. සහ ඊට වඩා තමන් කරන රැකියාව වටිනා නිසා.. මම වුණත් ඡන්ද දුන්නේ නෑ. දන්න හුඟක් අය ඡන්දෙ දුන්නේ නෑ. මොකද වෙන්න ඕනෙ වැඩේ දැන් වෙලානේ තියෙන්නේ.
මතක තියාගන්න, ආණ්ඩුවේ හැසිරීම හැසිරීම දිගටම නරකනම් ඊළඟ ඡන්දෙදී මේ ලක්ෂ 10ත් අනිත් පැත්තට යන බව. ඒනිසා පච, උද්දච්ච වැඩ අඩු කරගත්තොත් හොඳයි.
ප්‍රතිපත්ති ගැන සලකලා ඡන්දෙ දෙන මිනිස්සු ඡන්දේ දීලා, උළු කැටේට, ටකරමට ඡන්දෙ දෙන අය නොදා ඉන්නවා නම් රටේ අනාගතයට හොඳයි.
මෙතැන විශාල ප්‍රමාණයක් නැති වුනේ ආණ්ඩුවේ ඡන්ද, ඕනෑවට වඩා එක ළඟ ඡන්ද තිබ්බාම මිනිසුන්ට ඒවා එපාවෙනවා...!
සතියේ මැද දවසක් වීමත් එක හේතුවක්.
ප්‍රධාන පක්ෂවල යම් ශක්තියක් තියෙන එවුන්ලා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ හැටියට ඉස්සරහින් ඉන්න පක්ෂ හදාගෙන බෙදිලා ඉන්නවා. උදාහරණයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් වෙනවිට පුටුව, පොහොට්ටුව වගේ ලකුණු රාශියක් යටතේ තරග කළා. එජාපය අලියාගෙනුයි පැරැණිතම ෆෝන් එකෙනුයි ස්වාධීනවයි කොටස් බෙදිලා බල ලෝභීත්වයෙන් තරග කළා. මෙහෙම ඌරෝ රංචු තමන්ගේම එවුන් සමග කාකොටා ගන්නවා (කැකුන තලනවා) පැත්තක හිටපු හබන් කුකුල්ලු රජ මගුල් කනවා...
ඔව් අනේ.. ඡන්දෙ දාන්න ගිය අයත් ගියාට දුන්නා මිසක් ලකුණ බැලුවේත් නෑ කම්මැලිකමට.
බලන්න හෝදන බලකායේ සිතනිවන කතාවල නිර්මාණශීලී බව...
ඡන්දය ඡන්ද දායකයින්ට ආකර්ෂණීය විය යුතුයි. සමහර ඡන්ද දායකයින් ඇඟිල්ලේ ජරාව ගානවාටත් අකැමැතියි.