
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කහවත්ත ඇන්දාන ප්‍රදේශයේදී තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව කහවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් කරුණාරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි යාපනය පොලිස් කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සඳහා මාරුකර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන සඳහා කොළඹ විශේෂ පොලිස් කණ්ඩායමක් ඇතුළු පොලිස් කණ්ඩායම් පහක් යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉකුත් 30 වැනිදින රාත්‍රියේදී කහ වත්ත බුංගිරිය ප්‍රදේශයේ පදිංචි තරුණයකු කහවත්ත ඇන්දාන කොස්කෑල්ල ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබිණි.
පොලිස් නිලධාරින් ලෙස පෙනී සිටි පිරිසක් එම ඝාතනය සිදුකර තිබුණි.
එහිදී එක් තරුණයකු තුවාල ලැබු අතර වෙඩි ප්‍රහාරයෙන් මියගොස් තිබුණෙ ඉමන්ත සුරංජන් නමැති 22 හැවිරිදි තරුණයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට වැසියන් ඝාතක ආණ්ඩුවක් **** අතිශයින්ම කණගාටුයි, මේ දරුවාගේ මරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ විවිධ බලධරයින් විවිධ කථා කියයි!!! රට වැසියෙකු ලෙස කිව හැක්කේ, මේ රටේ සියලුම සංවිධානාතමක් අපරාධ සිදු වන්නේ "ආණ්ඩුවේ" අනු දැනුම ඇතිවයි. රට වැසියන් වු අපට ඇති එකම ප්‍රශ්නය වන්නේ තව කොතෙක් දුරට, කී දෙනෙක් "ආණ්ඩුව" මේ ආකාරයට මරා දමන්නේ යන්න පමණයි! හෙට දින මමත් ඊට අයත් විය හැක!
පොලිස් ස්ථානාධිපතිවරුන් මේවාට මාරු කරලා හරි යන්නෙ නැහැ. හිතුමනාපෙට මිනිස්සුන්ව සැකයි කියලා ගෙදර ඇවිල්ලා මිනිසුන්ව පොලිසිවලට රැගෙන යන දුෂ්ට නීතිය අහෝසි කරන්න ඕන
සිරිලංකාවේ සංවිධානාත්මක අපරාධ 90%ක කොනක උසස් යැයි සැලකෙන පොලොස් බාප්පිලා සම්බන්ධ බවට තවත් කදිම උදාහරණයක්!!! පොලොස් බාප්පිලාට ජයවේවා!!!!!
පොලිස් උසස් නිලධාරියා පොලිස් දෙපාර්තමේන්තුවෙන් ඉවත් කළ යුතුයි. මාරු කිරීම දඬුවමක් නොවේ. ඔහු රැකියාවෙන් ඉවත් කළ යුතුයි.