(ටී.කේ.ජී.කපිල )
රුපියල් එක් කෝටි අනූ ලක්ෂයක් වටිනා " කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් තමන් පැළද සිටින කබාය තුළ සගවා ගෙන , ව්‍යාපාරිකයන් සදහා වූ " රක්ත මාවත " ඔස්සේ කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කළ , ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(03 ) ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ , මරදාන , සංඝරාජ මාවත ප්‍රදේශයේ පදිංච් 48 හැවිරිදි පාවහන් ව්‍යාපාරිකයෙකි . ඔහු විසින් රැගෙන ආ පාවහන් තොගය රේගු නිලධාරීන් විසින් නිශ්කාශනය කරමින් සිටියදී , ඔහු එතෙක් පැළද ගෙන සිටි කබාය ගලවා , පසෙක වූ පුටුවක දමා තිබේ .
මේ පිළිබද සැක සිතූ රේගු නිලධාරීවරයා , නිශ්කාශන කටයුතු පසෙක තබා , මෙම ව්‍යාපාරිකයා ගලවා දැමූ කබාය ගෙන පරීක්ෂා කරත් දී , ඒ තුළ සගවා ගෙන තිබූ කිලෝ ග්‍රෑම් 01 යි ග්‍රෑම් 847 ක් බර මෙම " කුෂ්" මත්ද්‍රව්‍ය තොගය අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ .
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
‘කුෂ්‘ සමඟ ව්‍යාපාරිකයා ගුවන්තොටේදී කොටු වෙයි