IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කෘෂිකර්මයට බලයලත් ඒකකයක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික පිළිවෙත්' (SL GAP) සඳහා පොදු ලාංඡනයක් හඳුන්වා දීම සහ පොදු ' බලයලත් ඒකකයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා යහපත් කෘෂිකාර්මික පිළිවෙත්' (SL GAP) වැඩසටහන 2015 වර්ෂයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. එම වැඩසටහන මඟින් ආහාර සුරක්ෂිතතාවය ප්‍රවර්ධනය කිරීම, වාණිජ මට්ටමින් බෝග වගාවේ නියැලෙන ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන අලෙවිය තහවුරු කිරීම සහ කෘෂි බෝග නිෂ්පාදනය කිරීමේදී වගාවට යොදන කෘෂි රසායන හා අනෙකුත් යෙදවුම් අවම මට්ටමකින් භාවිත කිරීම මඟින් පාරිසරික තිරසරභාවය ඉහළ දැමීම හා ගුණාත්මක හා සෞඛ්‍යාරක්ෂිත අස්වැන්නක් ලබා ගැනීම අපේක්ෂා කරනු ලබයි. 

දැනට SL GAP වැඩ සටහන සඳහා භාවිත කරනු ලබන ලාංඡනයේ බලධාරීත්වය 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනතේ විධිවිධාන අනුව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් සතු වන බැවින්, එම ලාංඡනය සමඟ 'කෘෂිකර්ම දෙපාර්තමේන්තුව' නාමය ද යොදා ගනු ලැබේ. 

SL GAP වැඩසටහන සෑම කෘෂි බෝගයක්ම ආවරණය වන පරිදි පුළුල් කළ යුතුව පවතින අතර, විවිධ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ආයතන විසින් එක් එක් බෝග සඳහා SL GAP ලාංඡනය විවිධ අයුරින් භාවිත කිරීම හා වෙන් වෙන්ව බලයලත් ඒකක යොදා ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම වෙනුවට, ශ්‍රී ලංකාවට අන්‍ය වූ පොදු ලාංඡනයක් යටතේ පොදු බලයලත් ඒකකයක් පිහිටුවා ගනිමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගෝලීය සහතික කරණයේදී වඩාත් වාසිදායක වනු ඇති බවට හඳුනාගනු ලැබ ඇත.

ඒ අනුව, එක් පොදු ලාංඡනයක් හඳුන්වා දීමටත්, බලයලත් ඒකකය ලෙස (Scheme Owners) කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් පත් කිරීමටත්, අදාළ අනෙකුත් අමාත්‍යාංශ සහ ආයතන යටතේ SL GAP වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා බලයලත් උප ඒකක ස්ථාපිත කිරීමටත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්  අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

කෘෂිකර්මයට බලයලත් ඒකකයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 853 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site